Breaking News

බණ්ඩාරගමත් කොමසාරිස් සාරංගිකාට එරෙහි වෙයි

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරාගැනීම සඳහා අද (24) පැවති රැස්වීමේදී දැඩි උණුසුම් තත්වයක් හට ගෙන තිබීම නිසා සභාව දින නියමයක් නැතුව කල් දමා ඇතැයි වාර්තා වේ.

ඡන්දය පවත්වනු ලැබූ අවස්ථාවේදී බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගිකා ජයසුන්දරගේ මේසය සභාගත මන්ත්‍රීවරුන් පිරිසක් විසින් වට කරගෙන සිටි අතර ඉතා උණුසුම් තත්ත්වයක් ඇතිවූ පසු ඇය අවසානයේදී සභා ගර්භයෙන් පිටව ගොස් ඇත.

කෙසේ වෙතත් පසුව ඇති වූ තත්ත්වය මත බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කර තිබේ.

එහිදී රැස්වීම් අවස්ථාවට පැමිණ සිටි අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, සභාවේ පැහැදිලි බහුතරය ජාතික ජන බලවේගයට පවතින අතර එය පිළිගත නොහැකිව සමහර මන්ත්‍රීවරුන් ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට යෙදෙමින් සභා කටයුතුවලට බාධා කළ බවයි.

හෘද සාක්ෂියට අනුව රහස් ඡන්දය තිබීමට අවස්ථාව ලබා දිය යුතු බවත් පරාජය භාර ගැනීමට නොහැකි පිරිස ඝෝෂාකාරීව හැසිරෙමින් දීනෙන් දින සභා කල් දමන බව ඔහු එහිදී කියා සිටියා.

එමෙන්ම එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ, රහස් ඡන්දයක් පැවැත්වීමට විපක්ෂයෙන් යෝජනා කළ නමුත් කොමසාරිත්තුමිය ඒකපාර්ශ්වික තීන්දුවක් ගැනීමට උත්සහ කළ බවයි.

එයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධයා පා ඇති අතර කොමසාරිවරිය විසින් සභා ඡන්දය කුසපත් ඇදීමේ ආකාරයකට ඡන්දය පැවැත්වීමට කටයුතු කළ නමුත් එයද අක්‍රිය වූ බැවින් මෙය කල් දැමූ බව මන්ත්‍රීවරුන් සඳහන් කළා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ කොමසාරිස්වරිය කොළඹ දී ආරම්භ කළ ක්‍රමවේදය බණ්ඩාරගමට ගෙන ඒමට උත්සාහ කළද එය අපේක්ෂිත ආකාරයට ක්‍රියාත්මක නොවූ බවයි.

ඒ අනුව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු පත් කර ගැනීම අද සිදුනොවුණු අතර එම කටයුත්ත දින නියමයක් නොමැතිව කල් තැබීමට ද සිදු වුණා.

පසුගිය 16 වෙනිදා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත්කරන ප්‍රථම සභා රැස්වීම අවස්ථාවේ පක්ෂග්‍රාහී ලෙස ක්‍රියාකළ බවට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට චෝදනා එල්ල වෙමින් තිබුණා.

සීතාවක ප්‍රාදේශීය සභා සභා සභාපති හා උප සභාපති පත්කිරීමේදී ද මෙයට සමාන සත්ත්වයක් ඇතිව තිබූ අතර අවසානයේ සීතාවක සභිකයින් බහුතරය එසේ නම් ඔබේ ක්‍රමයට ඡන්දය තියා ගන්නයැයි කියමින් සභාවෙන් ඉවත් වී තිබුණා.

leave a reply