වැඩපිළිවෙලට පක්ෂ කොන්දේසිවලට විරුද්ධ විපක්ෂ ‘ගොන් පාට්’

Date:

රජය විසින් විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගෙන ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලබා ගැනීමට බවත් මෙම විදුලි ගාස්තු සංශෝධනය වත්මන් රජයට ලබා දුන් ජනවරම පාගා දැමීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබේ.

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දමන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස පවසා සිටියේ, එය ජනතාවගේ හඬට ඇහුම්කන් නොදීමක් , මේ රටේ ජනතාව රැවටීමක් හැටියට තමා දකින බවයි.

සජිත් ප්‍රේමදාස නියෝජනය කරන සමගි ජන බලවේගය මැතිවරණ සමයේ සහ ඊට පෙර පවා පෙනී සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල වෙනුවෙනි. එවැනි පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණ අනුව ආණ්ඩුව කටයුතු කරන විට එයට විරුද්ධ වීම විහිළුවකි. අනිත් පැත්තෙන් ජනතාව ගොනාට ඇන්දවීමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙවැනි කොන්දේසි දාන විට ඒවාට විරුද්ධ වුවද ඔවුන් එම වැඩපිළිවෙල සමග සම්පූර්ණයෙන් එකඟවන බව ජනතාවට අමතක නොකළ යුතුය.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...