මහ මග මිනීමැරීම ගැන කතා කරන සජිත් 88-89 ගැනත් කතාකරයිද?

සමාජය දෙස බලන විට නාඳුනන තුවක්කුකරුවන්, නාඳුනන වෙඩික්කරුවන්ගේ ග්‍රහණයට සමාජය ලක්ව සමාජය තුළ මිනීමරු කණ්ඩායම් මිලේච්ඡත්වය ක්‍රියාත්මක කරන කණ්ඩායම් රජ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබේ.

කඩුව, කිණිස්ස, උණ්ඩය, බෝම්බය, බයිනෙත්තුව, ටී 56 අද රජ වී නීතිය ක්‍රියාත්මක නොවී නීතිය වල්බිහි වී කැලෑ නීතිය ක්‍රියාත්මක වන බව ත් මිනීමරු කල්ලි කණ්ඩායම් මුළු සමාජයම බිය වද්දා දැවැන්ත භීෂණයක් මුළු සමාජයේම වෙළාගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පවසයි.

අද අප රටේ සමාජය මිනීමරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්වී නිවසේදීත් මහමඟදීත් වැඩබිමේදීත් උසාවියේදීත් මිනීමරන තැනට රට පත්ව ඇති අතර මේ සඳහා රජයට කිසිදු විසඳුමක් හා වැඩපිළිවෙලක් නොමැති බවද ඔහු පවසයි.

සජිත් ප්‍රේමදාස සඳහන් කරන ආකාරයේ ආණ්ඩුවේ පොලිසිය සහ හමුදා මිලේච්ඡත්වය ක්‍රියාත්මක කරන කණ්ඩායම් ලෙස ක්‍රියාත්මක වූ 88-89 වකවානුවේද ක්‍රියාත්මක විය. එම මිලේච්ඡත්වයන්ට එරෙහිව යුක්තිය ඉටුකිරීම ගැන සජිත් ප්‍රේමදාස කතා කරනු දක්නට නොලැබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...