මහ මග මිනීමැරීම ගැන කතා කරන සජිත් 88-89 ගැනත් කතාකරයිද?

සමාජය දෙස බලන විට නාඳුනන තුවක්කුකරුවන්, නාඳුනන වෙඩික්කරුවන්ගේ ග්‍රහණයට සමාජය ලක්ව සමාජය තුළ මිනීමරු කණ්ඩායම් මිලේච්ඡත්වය ක්‍රියාත්මක කරන කණ්ඩායම් රජ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබේ.

කඩුව, කිණිස්ස, උණ්ඩය, බෝම්බය, බයිනෙත්තුව, ටී 56 අද රජ වී නීතිය ක්‍රියාත්මක නොවී නීතිය වල්බිහි වී කැලෑ නීතිය ක්‍රියාත්මක වන බව ත් මිනීමරු කල්ලි කණ්ඩායම් මුළු සමාජයම බිය වද්දා දැවැන්ත භීෂණයක් මුළු සමාජයේම වෙළාගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පවසයි.

අද අප රටේ සමාජය මිනීමරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්වී නිවසේදීත් මහමඟදීත් වැඩබිමේදීත් උසාවියේදීත් මිනීමරන තැනට රට පත්ව ඇති අතර මේ සඳහා රජයට කිසිදු විසඳුමක් හා වැඩපිළිවෙලක් නොමැති බවද ඔහු පවසයි.

සජිත් ප්‍රේමදාස සඳහන් කරන ආකාරයේ ආණ්ඩුවේ පොලිසිය සහ හමුදා මිලේච්ඡත්වය ක්‍රියාත්මක කරන කණ්ඩායම් ලෙස ක්‍රියාත්මක වූ 88-89 වකවානුවේද ක්‍රියාත්මක විය. එම මිලේච්ඡත්වයන්ට එරෙහිව යුක්තිය ඉටුකිරීම ගැන සජිත් ප්‍රේමදාස කතා කරනු දක්නට නොලැබේ.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...