විදුලි බිල අඩුකරන්න එපා – නන්දලාල් IMF මන්තරය මතුරයි

පිරිවැය පහළයාමක් නොමැතිව තවදුරටත් විදුලි ගාස්තු අඩුකිරීම මගින් ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ක්‍රියාකාරිත්වය විශාල ලෙස අඩපණ විය හැකි බව ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරනු ලැබූ වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වේ.

මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දී විදුලි ගාස්තු 20%කින් පහළ දමමින් ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබූ අතර එවැනි සංශෝධනයක් කෙතරම් දුරට පිරිවැය පිළිබිඹු කරනුයේ ද යන්න පිළිබඳව අවිනිශ්චිතතා ඇතිවී තිබෙන බවද මෙකී වාර්තාවේ සඳහන්. ඒ අනුව මහ බැංකු වාර්තාවෙන් ඉඟි කරන්නේ නැවත විදුලි බිල වැඩිවීමක් ද යන්න ගැන සැක පළව තිබේ.

ඉකුත් වර්ෂයේ දී (2024) දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කෙරුණා.

මාර්තු මාසයේ දී 21.9% කින් හා ජුලි මාසයේ දී 22.5% කින් විදුලි ගාස්තු අඩුකරනු ලැබුවා.

මේ අයුරින් විදුලි ගාස්තු අඩුකිරීම හේතුවෙන් වසර අවසාන භාගයේ දී මාසිකව උපයන ලද ලාභය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.

කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය ඉකුත් වර්ෂයේ දී රුපියල් බිලියන 148.6ක ලාභයක් ලබා ගෙන තිබේ.

නන්දලාල් මේ මතුරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මතුරන ‘පිරිවැය ගැලපුම‘ නම් මන්තරයයි. නමුත් ඉහත වර්ෂයේ වාර්තා වූ පරිදි විදුලි බල මණ්ඩලය ලාභ පිට ලාභ ලබමින් සිටියි. එයට සාපේක්ෂව ජනතාවට සැලකිය යුතු විදුලි මිල අඩුවීමක් සිදු වී නැත. විදුලි මිල ජනතාවගේ ජීවන වියදමෙහි ඉහළම පංගුවක් නියෝජනය කරමින් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...