2021 වසරේ පැවරූ නඩුවකට එස්.එම්.රංජිත්ට වසර 16ක සිරදඬුවම්

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.

ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම වුණි.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණි.

එසේම ආණ්ඩුවේ ඇතැම් පාර්ශව මෙම අත්අඩංගුවට ගැනීම ආණ්ඩුව ආරම්භ කර ඇති වංචාවට හා දුෂණයට එරෙහි ගමනේ එක් පියවරක් ලෙස පෙන්වීමට උත්සාහ ගත්තද මෙය කාලයකට ඉහත පවරන ලද නඩුවක් බව පැවසේ.

එස්. එම් රංජිත්ට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරන්නේ 2021 වසරේ බවට දැන ගැනීමට ඇති අතර ඔහුට විරුද්ධව අධිචෝදනා ගොනු කර ඇත්තේ 2023 වසරේදීයි.

ඒ අනුව, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා සිය තීන්දුව ලබා දෙමින් පැවසූවේ, විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.

ඒ අනුව අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නම් වරද සිදු කිරීමට විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා දඩුවම් නියෝග නිකුත් කළා.

එස්.එම්. රංජිත් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ සහෝදරයා වන අතර, ශාන්තිනි චන්ද්‍රසේන යනු එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳයි.

Share post:

Popular

වෙනත් පුවත්

ගෑස් වැඩිකළ ‘කුමන්ත්‍රණකරුවන්ට’ එරෙහි පියවරක් නැද්ද?

අයවැය ඉදිරිපත් වූ වහාම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් (LAUGFS) ගෑස්...

අනුරගේ පරිවර්තනීය අයවැය ජේ ආර්ගේ පරිවර්තනයේ ඉදිරි කොටසක් – රවීන්ද්‍ර මුදලිගේ

2027 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙය පරිවර්තනිය...

දරුවෝ ගැන කිසිම කම්පනයක් නැති ‘පෝල්රාජ් අම්මලාගේ’ අයවැය

නකල්ස් ප්‍රදේශයේ ගල් ගුහාවකින් 15 හැවිරිදි දැරියක් අනාරක්ෂිත දරු...

ඉල්මහ විරුවන් වෙනුවෙන් අපට කළ හැක්කේ ඔවුන්ගේ අරමුණ වූ සමාජාවාදය කරා රට ගෙනයාමයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව විසින් සංවිධානය කළ 37...