සහල් මාෆියාව මට්ටු කිරීම වෙනුවට සහල් ආනයනයට ආණ්ඩුව තීරණය කරයි

වෙළඳපොලේ සහල් හිඟයක් මවන සහල් මාෆියාව අත තැබීම වෙනුවට සහල් ආනයනය කිරීමට ආණ්ඩුව නැවත වරක් තීරණය කර තිබේ.

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර ඇත.

අස්වැන්න නෙළන තත්ත්වයක් තුළ වුවත් මේ වන විට වෙළෙඳපොළහි සහල් මිල ඉහළ යෑමක් නිරීක්ෂණය වන බවත්, වෙළෙඳපොළහි ඇතැම් සහල් වර්ගවල හිඟයක් දක්නට ලැබෙන බවත් වාර්තා වෙයි.

මේ අනුව, ප්‍රමාණවත් තොග පවත්වා ගෙන යෑම පිණිස සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව 05 වන වරටත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (01) රැස් විය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...