තවත් සභාපති කෙනෙක් ඉල්ලා අස්වෙයි

ජාතික තරුණ සේවා සභාවේ සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ එම තනතුරෙන් ඉවත් ව තිබේ. මෙම ඉල්ලා අස්වීමත් සමඟ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ආයතන සභාපතිවරුන් ඉල්ලා අස්වූ පස්වන අවස්ථාව මෙය වේ.

සෙනේෂ් බණ්ඩාර දිසානයක පළමුව ඉල්ලා අස්වූ අතර අනතුරුව ඉල්ලා අස්වූයේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ (SLTB) සභාපති රමාල් සිරිවර්ධනය. එම ලැයිස්තුවට ඊට පසු එක්වුවේ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග ය.

මෙම සියලු දෙනා ඉල්ලා අස්වීම හේතු ලෙස සඳහන් කර ඇත්තේ පෞද්ගලික හේතුයි.

එසේම මේ අතරින් වැඩි පිරිස පසුගිය ආණ්ඩුවල තනතුරු දැරූ අයවේ.

ඇතැමුන් සඳහන් කරන්නේ ඇමතිවරු සමඟ හටගත් මතබේද මත මෙමෙ ඉල්ලා අස්වීම් සිදුවන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

2025 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන යෙන් පිදුම් ලත් එරික් ඉලයප්ආරාරච්චිගේ සුනඛ ආර්යා – අගැයීමක්

එරික් ඉලයප්ආරාරච්චි 2025ලියූ නවකථාච සුනඛ ආර්යා ගොඩනැංවීමේදී, ලාංකීය සාහිත්‍යය...

මේ පොලිස් ගුරුසිංහ පෙර කළ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වුණාද ?

ඉෂාරව මරපු ගුරුසිංහ කියන්නේ පොලීසියේ DIG ගුරුසිංගේ පුතා.! වත්මන්...

බෝන් අගේන් ක්‍රිකට් මාධ්‍ය ප්‍රධානියාගෙන් මාධ්‍යට ගොං පාර්ට් තර්ජන

තිලංග සුමතිපාලගේ නැට්ටේ එල්ලී පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...