ආණ්ඩුව වී ගන්න වෙන්කරපු කෝටි 500  දවස් හතරකටත් මදි –  ගොවි අරගල ව්‍යාපාරය

Date:

ආණ්ඩුව වී මිලදී ගැනීමට රුපියල් කෝටි 500ක් වෙන්කර ඇති බව පැවසුවත් එය ප්‍රමාණවත් වන්නේ රටේ ජනතාවට දින 4කට වී මිලදී ගැනීමට බව ගොවි අරගල ව්‍යාපාරය පවසයි.පසුගියදා පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා මේ බව පවසා තිබුණි.

 

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

”” අද වෙද්දි ගොවියන්ට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මතු වෙලා තියනවා. එක පැත්තකින් සහල් අර්බුදය එක්ක මතුවුණු ගැටලුව. තව පැත්තකින් වර්ෂාව නිසා ඇති වෙච්ච වගා හානි. මේ වෙද්දී අම්පාර, මඩකළපුව, මොනරාගල, ත්‍රිකුණාමලය, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ගොයම් කැපෙන්න පටන් අරගෙන තියෙන්නේ. නමුත් තවමත් වී අස්වැන්න සඳහා රජයෙන් සහතික මිළක් නියම කරල නෑ. රතු කැකුළු වී මේ වෙද්දී හම්බන්තොට වගේ ප්‍රදේශ වල විකිණෙන්නෙ රුපියල් 140ට 150ට. නමුත් ත්‍රිකුණාමලේ දි මේ මිළ රුපියල් 110යි 120යි. අනිත් වී වර්ගත් රුපියල් 110 සහ 115 අතර ඉතාම පහළ මිලකට තමයි විකිණෙන්නෙ. එක පැත්තකින් ආණ්ඩුව කඩිනමින් වී සඳහා සහතික මිලක් නියම කරන්න ඕන. ඊලඟ කාරණය තමයි වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට ආණ්ඩුව මැදිහත් වීම. තවමත් ආණ්ඩුවේ වී ගබඩා විවෘත කරල නෑ. වී මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදලක් වෙන් වෙන්න ඕන. මේ කිසිවක් තවම වෙලා නෑ.

 

හැබැයි පහුගිය දවසක රූපවාහිණී වැඩසටහනකදි අනුර දිසානායක ජනාධිපතිවරයා කිව්වා වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 500ක් වෙන් කරල තියෙන්නෙ කියලා. ආණ්ඩුව රුපියල් කෝටි 500ක වී ගත්තත් රටේ ජනතාවගේ පරිභෝජන අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නෙ දවස් හතරයි. ඒ නිසා ආණ්ඩුව වෙන් කරන්න සැලසුම් කරන ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. ”

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...