ඉදිරි මාස 06 විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.

පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ පාරිභෝගිකයන්ට ස්ථාවරත්වයක් ලබාදීම සඳහා වත්මන් ගාස්තු අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. පසුගිය ආණ්ඩුව සමයේ වාර්ෂිකව සිව් වතාවක් විදුලි ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවට යෝජනා වී තිබුණි.

 

එහෙත් 2023 වසරේදී තෙවරක් සහ මෙම වර්ෂයේදී දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය සිදු කෙරුණි.

කෙසේවෙතත්, වත්මන් ආණ්ඩුව වසරකට දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ.

 

ඒ අනුව, පසුගියදා ඉදිරිපත් වූ යෝජනාවෙන් ලබන වසරේ පළමු මාස 06 සඳහා වන ගාස්තු සංශෝධනය සිදුකෙරෙණු ඇති බව සඳහන් විය.

 

මේ අතර, මෙම වසරේ දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව ඔක්තෝබර් මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදී තිබුණා.

 

එහෙත් ලබාදුන් එම යොජනාවලියේ පැවති ප්‍රධාන දෝෂ තුනක් පෙන්වාදුන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලය වෙත පැවසුවේ එය නිවැරදි කරමින් යෝජනාව ලබාදෙන ලෙසයි.

 

ඒ සඳහා සති දෙකක කාලයක් අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

 

ඒ අනුව නොවැම්බර් මස 8 වනදා දක්වා විදුලිබල මණ්ඩලයට කාලය ලබාදුන් අතර ඔවුන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටීම හේතුවන් නොවැම්බර් මස 22 දක්වා කල් ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළා.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...