මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කළ බවට චෝදනා එල්ල වූ එක් අයෙකුට ඇප

මහා විරු උත්සව පැවති බවට අසත්‍ය තොරතුරු පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) ඇප ලබාදී තිබේ.

පොලිසිය සඳහන් කළ ආකාරයට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කරමින් වුවත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එම පනත යොදාගෙන නැති බව වාර්තා වේ.

මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 30 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

එලෙස අත් අඩංගුවට ගනු ලැබුවේ මරදාන, චුන්නාකම්, බොරලැස්ගමුව සහ බද්දේගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 28, 35, 50 හා 45 වයස්වල පසුවන සැකකරුවන් පිරිසකි.

ඒ අතරින්, කැළුම් හර්ෂණ නැමැත්තා අද (02) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර ඔහු අද ඇප මත මුදා හැරුණා.

දිවයිනේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජ ජාලා ගිණුමක් මඟින් සංසරණය කිරීම මෙන්ම මීට පෙර වර්ෂයන්වලදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහාවිරු සැමරුම්වලදී ලබාගත් පැරණි වීඩියෝපට මෙම වර්ෂයේ සිදුකරන ලද සැමරුම් ලෙස හුවා දක්වමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේ සංසරණය කිරීම යන චෝදනාවන් සැකකරුවන්ට එල්ල වී තිබුණි.

මහජන විරුද්ධත්වය ඇවිස්සීම හා ඇවිස්සීමට තැත් කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ෆේස්බුක් මගින් ප්‍රචාරණය කිරීම යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...