‘ගෝඨාභය එලවපු එළියේ ජනතා බලය පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතුයි’

අරගලය සමයේදී දියවන්නාවෙන් පිටත නිර්මාණය වූ මහජන බලය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීම සඳහා ජන අරගල සන්ධානය මෙවර මහ මැතිවරණයට තරග කරන බව, එම සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක වසන්ත මුදලිගේ BBC සිංහල සේවයට පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ශ්‍රී ලංකාව ඉවත් විය යුතු බවත්, බුද්ධාගම හෝ වෙනත් කිසිදු ආගමක් ප්‍රමුඛ විය යුතු නැති බවත් ඔහු සඳහන් කළේ ය.

එමෙන් ම, අරගලයේදී ගොඩනැගුණු ජනතා බලය රැක ගැනීමට සංවිධානාත්මක ව්‍යුහයක් නොපැවති බවත්, පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙනස් කිරීමෙන් ජනතා අපේක්ෂාවන් නියෝජනය කිරීමට උත්සහ කරන බවත් ඔහු BBC සිංහල සේවයේ ෂර්ලි උපුල් කුමාර සමග පැවති සංවාදයකදී ප්‍රකාශ කළේ ය.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...