අලුත් ආණ්ඩුවේ සහනවලට මැකෝගෙන් බාල්දියක්

ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ දැමීමට සහ ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය වෙත පසුගිය (26) වනදා උපදෙස් ලබා දී තිබුණි.

මෙම උපදස අනුව 2024 – 2025 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදී තීබූ පොහොර සහනාධාරය රු 25000ක් දක්වා ඉහළ නංවා තිබුණි. මෙම සහනය හෙට (ඔක්තෝම්බර් 01) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.

පසුගියදා (28) කොමිසම රැස්වු අවස්ථාවේ මෙම තිරණය ගෙන තිබෙන බවයි පැවසේ.

නමුත් මේ වන විට මැතිවරණ කොමිසම මඟින් මෙම තීරණය මහමැතිවරණය අවසන්වන තෙක් අවලංගු කර ඇත. මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවේ මෙවැනි සහනාධාරයක් ලබාදීම හරහා අනිත් අපේක්ෂකයන් අගතියට පත්වීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් මාධ්‍යට පවසා ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...