Breaking News

අලුත් ආණ්ඩුවේ සහනවලට මැකෝගෙන් බාල්දියක්

ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ දැමීමට සහ ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය වෙත පසුගිය (26) වනදා උපදෙස් ලබා දී තිබුණි.

මෙම උපදස අනුව 2024 – 2025 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදී තීබූ පොහොර සහනාධාරය රු 25000ක් දක්වා ඉහළ නංවා තිබුණි. මෙම සහනය හෙට (ඔක්තෝම්බර් 01) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.

පසුගියදා (28) කොමිසම රැස්වු අවස්ථාවේ මෙම තිරණය ගෙන තිබෙන බවයි පැවසේ.

නමුත් මේ වන විට මැතිවරණ කොමිසම මඟින් මෙම තීරණය මහමැතිවරණය අවසන්වන තෙක් අවලංගු කර ඇත. මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවේ මෙවැනි සහනාධාරයක් ලබාදීම හරහා අනිත් අපේක්ෂකයන් අගතියට පත්වීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් මාධ්‍යට පවසා ඇත.

 

leave a reply