ජනක – සිසිත ඝාතනයට ලක්වී වසර 12ක් !

ශිෂ්‍ය වීරයන් දෙදෙනෙකු වූ ජනක සහ සිසිත ඝාතනයට ලක්වී වසර 12ක් ගතව තිබේ.

2012 සැප්තැම්බර් මස විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගෙනගිය අරගලයට සමගාමී ව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පේරාදෙණිය සිට කොළඹට දින 05 ක දැවැන්ත පා ගමනක් සංවිධානය කර තිබුණි. එහි තෙවන දින එනම් සැප්තැම්බර් මස 27 වන දින අළුයම කැලණි විශ්ව විද්‍යාලයේ ජානක බංඩාර (මාතලං) සහ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසිත ප්‍රියංකර(ටොක්කා) පා ගමනේ සංවිධාන කටයුත්තක් සඳහා පැමිණෙමින් සිටිය දී ඉඹුල්ගොඩ ප්‍රදේශයේ දී
අභිරහස් රිය අනතුරකින් ඝාතනයට ලක්ව තිබුණි.

මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ සිදුවූ මෙම ඝාතන දෙක සැලසුම් කළ රිය අනතුරකින් සිදුකරන ලද බවට සැක කෙරිණි.

එම සරසවි සිසුන් දෙදෙනා අනතුරට ලක් වූ ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ මෝටර් සයිකලයක නොවන වෙනත් වාහනයක තිරිංග සලකුණක් ද තිබී ඇති අතර, සරසවි සිසුන් සහ ඔවුන්ට සහය දැක්වූ බොහෝ පිරිස් කියා සිටියේ එම ස්ථානයේ පැවති වංගුව ලිස්සා ගොස් අනතුරක් සිදුවිය හැකි තරමේ අනතුරු දායක වංගුවක් නොවන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...