ආණ්ඩුවට බහුතරය අහිමිවෙලාද ?

බහුතරය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පැන නැගීම හේතුවෙන් මැතිසබයේ ආණ්ඩුවේ කටයුතු කරගෙන යෑමට ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

මේ හේතුවෙන් විපක්ෂය ඡන්දය ඉල්ලා සිටිය හැකි පනත් කෙටුම්පත් විවාදයට ගැනීම පස්සට තැබීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ලංකාදීප වාර්තා කර තිබේ.

විපක්ෂය ඡන්දය ඉල්ලා සිටිය හැකි පනත් කෙටුම්පත් විවාදයට ගැනීම මේ සතියේ දී නතර කෙරිණැයි දැනගන්නට ඇත.

මේ සතියේ වැඩි වශයෙන් තිබුණේ සභාව කල් තබන අවස්ථාවේ විවාදයන්ය.

මැතිසබේ ඊයේ (9) සිකුරාදා පැවැත්වුණේ හිටපු අමාත්‍ය රොනීද මැල් පිළිබඳ ශෝක යෝජනා විවාදයයි.

ආණ්ඩුවට බහුතරය ඇති බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට සහාය නොදීමට තීරණය කිරීමත් සමග බහුතරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

බහුතරය තවමත් නිශ්චිත වශයෙන් තහවුරුවී නැතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ. එසේම රනිල් දිගින් දිගටම තමන් සමඟ එන අයගේ අනාගතය සුරක්ෂිත බව පැවසීම පිටුපස බහුතරය අහිමිවීම පිළිබඳ බිය පවතින බවට මත පළවේ.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...