ආණ්ඩුවට බහුතරය අහිමිවෙලාද ?

බහුතරය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පැන නැගීම හේතුවෙන් මැතිසබයේ ආණ්ඩුවේ කටයුතු කරගෙන යෑමට ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

මේ හේතුවෙන් විපක්ෂය ඡන්දය ඉල්ලා සිටිය හැකි පනත් කෙටුම්පත් විවාදයට ගැනීම පස්සට තැබීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ලංකාදීප වාර්තා කර තිබේ.

විපක්ෂය ඡන්දය ඉල්ලා සිටිය හැකි පනත් කෙටුම්පත් විවාදයට ගැනීම මේ සතියේ දී නතර කෙරිණැයි දැනගන්නට ඇත.

මේ සතියේ වැඩි වශයෙන් තිබුණේ සභාව කල් තබන අවස්ථාවේ විවාදයන්ය.

මැතිසබේ ඊයේ (9) සිකුරාදා පැවැත්වුණේ හිටපු අමාත්‍ය රොනීද මැල් පිළිබඳ ශෝක යෝජනා විවාදයයි.

ආණ්ඩුවට බහුතරය ඇති බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට සහාය නොදීමට තීරණය කිරීමත් සමග බහුතරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

බහුතරය තවමත් නිශ්චිත වශයෙන් තහවුරුවී නැතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ. එසේම රනිල් දිගින් දිගටම තමන් සමඟ එන අයගේ අනාගතය සුරක්ෂිත බව පැවසීම පිටුපස බහුතරය අහිමිවීම පිළිබඳ බිය පවතින බවට මත පළවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...