අපේක්ෂකත්වය නාමල්ට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් වෙනු ඇති බව බැසිල් රාජපක්ෂ පවසා තිබේ. ඩේලි මිරර් වාර්තා කර ඇති පරිදි හෙට උදෑසන නාමල් රාජපක්ෂගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

බොහෝ දෙනෙක් බලාපොරොත්තුව සිටියේ කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනු ඇති බවයි.

නමුත් පෞද්ගලික හේතුවක් මත ධම්මික පෙරේරා එය ප්‍රතික්ෂේප කර තිබේ.

යම් ලෙසකින් හෙට දිනයේදීත් ධම්මික පෙරේරා මහතාගේ මෙම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවුනහොත් පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නෙලුම් මාවතේ දී පත්කරන බව උදයංග වීරතුංග ද පවසා තිබේ.

එහිදී තවදුරටත් අදහස් දැක්වු උදයංග වීරතුංග,

”යුද්ධය දිනපු මේ රටේ හැමෝගෙම හදවතේ ලියවෙන මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද දායකයින් ගෙන ඉල්ලා සිටින්නේ පොහොට්ටු තීන්දුව වෙනුවෙන් පෙනි සිටින ලෙසයි . ධම්මික පෙරේරා අකමැති වුවහොත් නාමල් රාජපක්ෂ මහතා අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හෙට උදේ නෙලුම් මාවතේ දී ප්‍රකාශ කරනවා. ධම්මික පෙරේරා හට තිරණය ගන්න තව පැය දොළහක් තියනවා. බටහිරයේ මුදල් වලටවත් වෙනත් අයගේ අවශ්‍යතාවයන් වලටවත් නාමල්ගේ ගමන නතර කරන්නෙ නැති බව ඔහු පැහැදිලිව පැවසුවා. නාමල් ඔබ එදා තාත්තා ගෙන ගිය වගේ ඒ ගමන ඉදිරියට යන්න. මේ රටේ 69 ලක්ශයක් හෙට ඉල්ලන්නේ නාමල් රාජපක්ෂ. අපේ නායකයා අපේ ජනාධිපති හෙට හතට නෙළුම් මාවතේදී කලඑළි බසිනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...