පොලීසියට තව තවත් නීති කැඩීමට උඩගෙඩි දෙන පොලිසිය බාර ඇමති

ටැටූ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ටිරාන් අලස් සඳහන් කරේ අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව දෙදෙනෙකු හැර මේ වන විට සියලු දෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු මේ බව පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ අද (18) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ඔහුට අවවාද කර ඇති බවත් මින් මතුවට එවැනි වරදක් සිදු නොවීමට වගබලා ගන්නා බවට දැනුම් දී ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

එම සිද්ධිය වූ අවස්ථාවේ ඇති වූ පීඩනය හේතුවෙන් එම වරද සිදුවී තිබූ බව පැවසු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා තවදුරටත් සඳහන් කළා.

“දැන් ඊයේ පෙරේදා කට්ටිය කිව්වා මොනවා කිව්වත් දෙයක් වෙලා නෑ කියලා. මොනවා කරත් කිසිම දෙයක් නොවුණ විදියට තමා කතා කරන්නේ. මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. යන්න ගමින් ගමට යන්න. නගරයෙන් නගරයට යන්න. ගිහින් අහන්න මහජනතාවගෙන් ඉස්සර වගේම කුඩු තියෙනවා ද? ඉස්සර වගේම පාතාලේ ක්‍රියාත්මක වෙනවා ද? එතකොට හරි තත්ත්වය බලාගන්න පුළුවන්. මම කියන්නේ කුඩු විකුණන අයට සහ පාතාලේ අයට අපි තිබුණටත් වඩා තදින් ඉදිරියට ක්‍රියා කරනවා. පොලීසියත් STF එකත් මොවුන් පසුපස හඹා යනවා. කොහේ හිටියත් අල්ලනවා.අතුරුගිරිය සිද්ධියේ අපි අත්අඩංගුවට ගත යුතු බොහෝ දෙනා අරන් තියෙන්නේ. මං හිතන්නේ තව දෙන්නයි ගන්න තියෙන්නේ. ඇඹිලිපිටියේ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සහ රයිඩ යන දෙන්නම අත්අඩංගුවට ගත්තා. අම්බලන්ගොඩ වෙඩිතැබීමේ ඊයේ වෙද්දි අත්අඩංගුවට අරන් ඉවරයි. සිද්ධිය වෙන එක නවත්ත ගන්න බැරි වෙන්නේ එල්.ටී.ටී.ඊ යුද්ධයෙන් පස්සේ එළියට ගිය ආයුධ තියෙන්නේ.”

පොලිස් නිලධාරීන් විසින් නීතිය උල්ලංඝණය කිරීමේ අවස්ථා වාර්තා වීම සාමාන්‍යකරණය වී තිබේ. අත්අඩංගුවේදී පුද්ගලයන්ට පහරදීම්, ඝාතනයන්, මහජන ඒකරාශී වීමකදී සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා වැනි දේවල් ඉතා සාමාන්‍ය දේවල් බවට පත්ව තිබේ. මෙයට හේතුව වන්නේ නීතිය උල්ලඝණය කිරීමට ඔවුන්ට බලය ඇති බවට වන අදහසයි. නීතිය උල්ලංඝනයකදී අදාළ නිලධාරීන්ට නිසි පරිදි දඬුවම් නොලැබීමද බහුලව සිදුවේ. මේ හරහා පොලිසිය විසින් කරන අපරාධ වැඩි වීමක් මිස අඩුවීමක් සිදුනොවේ. ඉතා සිද්ධියේ පොලිස් නිලධාරීන්ට දඬුවම් නොකිරීමෙන් පොලීසිය බාර අමතිවරණය ලෙස ටිරාන් අලස් සිදුකරන්නේ තවත් නීති උල්ලංඝණය කිරීම සඳහා අනුබල දීමකි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...