Breaking News

දුම්රිය සේවක ගැටළු විසදීමට පොරොන්දු දී ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් කරලා

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යළිත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වේ මං මාවත් පාලම් බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මං මාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අති විශේෂ සේවාවන් බව එම ගැසට් නිවේදනය සඳහන්වේ

මීට ඉහතද ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයකුත් කර තිබූ අතර නව ගැසට් නිවේදනය පෙරේදා නිකුත් කර තිබුණි.

මෙම ගැසට් නිවේදනය නිකුත්වන්නේ අද දිනයේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා බව බන්දුල ගුණවර්ධන පොරොන්දු වීමෙන් අනතුරුවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසා ඇත්තේ ඇමතිවරයා තමන්ගේ ඉල්ලීම් 14න් 06ක් ලබාදීමට පොරොන්දු වූ බවයි.

තම ඉල්ලීම්වලට අද දිනයේ ප්‍රතිචාරයක් නොලැබුනොත් තම ඉදිරි ක්‍රියාමර්ග ගැන තීරණය කරන බව ඔහු පවසා තිබේ.

මීට පෙර ආණ්ඩුව විසින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සේවය අතහැර යාමේ ලිපි නිකුත් කර තිබුණි. පසුගිය 11වනදා පැවති සාකච්ඡාවෙන් පසු එම ලිපි අවලංගු කෙරිණි.

leave a reply