දුම්රිය සේවක ගැටළු විසදීමට පොරොන්දු දී ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් කරලා

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යළිත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වේ මං මාවත් පාලම් බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මං මාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අති විශේෂ සේවාවන් බව එම ගැසට් නිවේදනය සඳහන්වේ

මීට ඉහතද ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයකුත් කර තිබූ අතර නව ගැසට් නිවේදනය පෙරේදා නිකුත් කර තිබුණි.

මෙම ගැසට් නිවේදනය නිකුත්වන්නේ අද දිනයේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා බව බන්දුල ගුණවර්ධන පොරොන්දු වීමෙන් අනතුරුවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසා ඇත්තේ ඇමතිවරයා තමන්ගේ ඉල්ලීම් 14න් 06ක් ලබාදීමට පොරොන්දු වූ බවයි.

තම ඉල්ලීම්වලට අද දිනයේ ප්‍රතිචාරයක් නොලැබුනොත් තම ඉදිරි ක්‍රියාමර්ග ගැන තීරණය කරන බව ඔහු පවසා තිබේ.

මීට පෙර ආණ්ඩුව විසින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සේවය අතහැර යාමේ ලිපි නිකුත් කර තිබුණි. පසුගිය 11වනදා පැවති සාකච්ඡාවෙන් පසු එම ලිපි අවලංගු කෙරිණි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...