වතු සේවක වැටුප් වැඩි කිරීමට එරෙහිව අධිකරණ නියෝගයක්

වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වේ.

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් පසුගිය මැයි 21 වන දා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ මෙම ගැසට් නිවේදනය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් පෙත්සමක් ගොනු කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...