පාස්කු ප්‍රහාරය දැනසිටි පිරිසගෙන් වින්දිත අරමුදලට තවත් මිලියන 20ක්

පාස්කු ප්‍රහාරය සිදුවෙන බව දැන සිටි නමුත් එය වැලක්වීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට වන්දි ගෙවා තමන් සිදුකළ වැරදෙන නිදහස් විය හැකිද යන ප්‍රශ්නය නැවතත් මතුව තිබේ . පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස ‘පාස්කු ප්‍රහාරය අප්‍රේල් 2019 – වින්දිත අරමුදල’ යන නමින් ස්ථාපිත අරමුදල සඳහා තවත් රුපියල් මිලියන 20ක් බැර කර තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් පසුගිය ජුනි 19 වැනිදා රුපියල් මිලියන 05ක් සහ පසුගිය ජුනි 26 වැනිදා රුපියල් මිලියන 15ක් ලෙස රුපියල් මිලියන 20ක මුදල ගෙවා තිබුණා.

ඒ අනුව ඔහුට ගෙවීමට නියමිත රුපියල් මිලියන 50ක මුදලින් අවස්ථා 6දී රුපියල් මිලියන 26ක් ගෙවා අවසන් කර තිබෙනවා.

මෙම මුදල් බැර කිරීමත් සමග පසුගිය ජුනි 27 වැනිදා වන විට මෙම අරමුදල සඳහා රුපියල් 84,825,588.87ක් බැර කර ඇත.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අවස්ථා 03කදී රුපියල් මිලියන 43ක් ගෙවා ඇති අතර, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රුපියල් 1,725,588.87ක්ද, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන රුපියල් මිලියන 4.1ක්ද මේ දක්වා ගෙවා තිබෙනවා.

මීට අමතරව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ගෙවීමට නියමිතව තිබූ රු.මි.10ක මුදල මේ වන විට ගෙවා අවසන් කළ බව සඳහන් වනවා.

මේ සියලු දෙනා සිදුකර ඇත්තේ බරපතල වරදක් වුවත් දැන් ඔවුන් තමන්ට නියම වූ වන්දි ගෙවීම කොටස් වශයෙන් ගෙවමින් නිදහසේ කල් ගතකරමින් සිටියි.

 

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...