පාස්කු ප්‍රහාරය දැනසිටි පිරිසගෙන් වින්දිත අරමුදලට තවත් මිලියන 20ක්

පාස්කු ප්‍රහාරය සිදුවෙන බව දැන සිටි නමුත් එය වැලක්වීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට වන්දි ගෙවා තමන් සිදුකළ වැරදෙන නිදහස් විය හැකිද යන ප්‍රශ්නය නැවතත් මතුව තිබේ . පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස ‘පාස්කු ප්‍රහාරය අප්‍රේල් 2019 – වින්දිත අරමුදල’ යන නමින් ස්ථාපිත අරමුදල සඳහා තවත් රුපියල් මිලියන 20ක් බැර කර තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් පසුගිය ජුනි 19 වැනිදා රුපියල් මිලියන 05ක් සහ පසුගිය ජුනි 26 වැනිදා රුපියල් මිලියන 15ක් ලෙස රුපියල් මිලියන 20ක මුදල ගෙවා තිබුණා.

ඒ අනුව ඔහුට ගෙවීමට නියමිත රුපියල් මිලියන 50ක මුදලින් අවස්ථා 6දී රුපියල් මිලියන 26ක් ගෙවා අවසන් කර තිබෙනවා.

මෙම මුදල් බැර කිරීමත් සමග පසුගිය ජුනි 27 වැනිදා වන විට මෙම අරමුදල සඳහා රුපියල් 84,825,588.87ක් බැර කර ඇත.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අවස්ථා 03කදී රුපියල් මිලියන 43ක් ගෙවා ඇති අතර, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රුපියල් 1,725,588.87ක්ද, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන රුපියල් මිලියන 4.1ක්ද මේ දක්වා ගෙවා තිබෙනවා.

මීට අමතරව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ගෙවීමට නියමිතව තිබූ රු.මි.10ක මුදල මේ වන විට ගෙවා අවසන් කළ බව සඳහන් වනවා.

මේ සියලු දෙනා සිදුකර ඇත්තේ බරපතල වරදක් වුවත් දැන් ඔවුන් තමන්ට නියම වූ වන්දි ගෙවීම කොටස් වශයෙන් ගෙවමින් නිදහසේ කල් ගතකරමින් සිටියි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...