Breaking News

උදයංග වීරතුංගගෙන් තවත් දේශපාලන අනාවැකියක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හමුවේ ජනපතිවරණයෙන් තමන්ට ජයග්‍රහණය කළ නොහැකි බව හැඟී ගියහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය කල් දමන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි.

එවැනි වාතාවරණයක දී රටේ දරුණු කැළඹීමක් ඇතිවිය හැකි ලබන නොවැම්බර් මාසය සදහා රුසියානු සංචාරකයින් වෙනුවෙන් විශේෂ යානා (charter flights) සංවිධානය කරන්නේද, නැද්ද යන්න තවම තීරණය කොට නැති බවත් Sandeshaya by Saroj යූටියුබ් නාලිකාව සමග සංවාදයකට එක්වෙමින් ඔහු පවසා තිබේ.

එමෙන්ම ජනපතිවරණයට පෙරාතුව ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් කැඳවනු ඇතැයි පවසන හිටපු රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන්ගේ ඥාති සොහොයුරෙකු වන උදයාංග වීරතුංග, ජනපතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් බටහිර රටවලින් ජනාධිපති වික්‍රමසිංහට කිසිදු විරෝධයක් එල්ල නොවනු ඇති බවත් සඳහන් කර තිබේ.

එහිදී “විසඳ ගන්න බැරි ප්‍රශ්නයක්” හේතුවෙන් ජනපතිවරණය කල් දැමීම ගැන ශ්‍රී ලංකාවේ නීතිය පසිඳලන ආයතන වැනි “යම් යම් ආයතන සහ පුද්ගලයින්” ගෙන් විරෝධයක් එල්ල නොවනු ඇති බව ඔහුගේ අදහසයි.

ජනපතිවරණයේදී පොහොට්ටුවෙන් නාම යෝජනා දෙකක් ඉදිරපත් වී තිබෙන අතර, ජනතාවට රාජපක්ෂවරුන් එපා නම් නාමල් රාජපක්ෂ වෙනුවට සුදුසුම අපේක්ෂකයා ධම්මික පෙරේරා බව සිය මතය බවද පැවසීය.

 

leave a reply