“පොත් හරිම අගෙයි”

සබුද්ධි සාහිත්‍ය වැඩමුළුව -පස් වැනි පියවර

”පොත් හරිම අගෙයි” පස්වැනි පියවර අප්‍රේල් 28 වැනිදා කලුතර, කටුකුරුන්ද සිරි දම්කිත් දහම් පාසලේ දී සාර්ථක ලෙස පැවැත්වුණා.

මෙම වැඩසටහන සඳහා සබුද්ධි සාහිත්‍ය කවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අනුශාසක පරාක්‍රම ඒකනායක, සභාපති තමීර මංජු, මහ ලේකම් ඉරෝෂිණි ගල්හේන, භාණ්ඩාගාරික දිලිනි චතුරිකා ගරුසිංහ, ජාතික සංවිධායක සුප්‍රි සමරසිංහ, විධායක අධ්‍යක්ෂ කමල් සේනාරත්න, කළුතර දිස්ත්‍රික් අධ්‍යක්ෂ නලිනි ද සිල්වා සහ සාමාජිකා රූපවාහිනී ළමා නිවේදිකා මිනුල්‍යා සේනාරත්න සමඟ ජානක හීන්කෙන්ද යන මහත්ම මහත්මීන් සහභාගි වුණා.

දහම් පාසල් සිසු සිසුවියන්ට පොත් කියවීමේ පුරුද්ද හුරු කිරීම, ඔවුන් පොත පත කෙරෙහි නැඹුරු කරවීම යනාදි අරමුණු ඇතිව මෙම සමාජ සත්කාරක වැඩසටහන නලිනි ද සිල්වා මහත්මියගේ සංවිධාන ශක්තියෙන් ඉදිරිපත් කළේ සබුද්ධි සාහිත්‍ය කවයයි.

දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය ස්වාමීන් වහන්සේ ඇතුළු ගුරු මණ්ඩලය හා සිසු සිසුවියන් මෙම වැඩ සටහන සඳහා ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා දුන්නා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...