Breaking News

මත්පැන් සමාගම්වලින් නැවතත් රජයට කෝටි 700ක පොල්ලක්

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මීට ඉහතදී සුරාබදු නොගෙවූ මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයකම සුරා බලපත්‍ර අත්හිටවූ අතර පසුව එම සමාගම් හිග බදු මුදල් ගෙවා නැවත බලපත්‍ර ලබා ගත් බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

කෙසේ වෙතත් එම හිඟ මුදල් ගෙවීමෙන් පසුව නැවතත් මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් රුපියල් කෝටි හත්සීයක සුරා බදු පොල්ලක් නැවත තබා තිබෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොළඹදී පසුගියදා සංවිධානය කර තිබූ ආර්ථිකය දේශපාලනය අද රට හා හෙට යන මැයෙන් වූ සංවාදයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ සුරා බදු නිලධාරීන් මත්පැන් නිෂ්පාදකයන්ගෙන් බදු අය කර ගැනීමේ දී විශාල අක්‍රමිකතා සිදුවන බවයි.

 

leave a reply