මත්පැන් සමාගම්වලින් නැවතත් රජයට කෝටි 700ක පොල්ලක්

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මීට ඉහතදී සුරාබදු නොගෙවූ මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයකම සුරා බලපත්‍ර අත්හිටවූ අතර පසුව එම සමාගම් හිග බදු මුදල් ගෙවා නැවත බලපත්‍ර ලබා ගත් බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

කෙසේ වෙතත් එම හිඟ මුදල් ගෙවීමෙන් පසුව නැවතත් මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් රුපියල් කෝටි හත්සීයක සුරා බදු පොල්ලක් නැවත තබා තිබෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොළඹදී පසුගියදා සංවිධානය කර තිබූ ආර්ථිකය දේශපාලනය අද රට හා හෙට යන මැයෙන් වූ සංවාදයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ සුරා බදු නිලධාරීන් මත්පැන් නිෂ්පාදකයන්ගෙන් බදු අය කර ගැනීමේ දී විශාල අක්‍රමිකතා සිදුවන බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...