පසුගිය වසරේ ලක්ෂ 14ක් රටින් ගිහිල්ලා – වැඩිම පිරිස ගොස් ඇත්තේ මැද පෙරදිග රටවලට

පසුගිය වසරේදී රටින් පිටවී විදේශගතවී ඇති සංඛ්‍යාව 14,37,607ක් බව මහබැංකු වාර්තා හෙළිකර ඇති බව පේරාදෙණිය විශ්විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

එය පෙර වසරට සාපේක්ෂව බලන විට 3,09,849ක වැඩිවීමක් බවත්, එය 27%ක ප්‍රතිශතයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව මාසයකදී සාමාන්‍යයෙන් පුද්ගලයන් 1,18,900ක් පමණ රටින් පිටවී ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මේ අයගෙන් 2,97,656ක් පමණ රටින් පිටව ගොස් ඇත්තේ විදේශ රැකියා සඳහා බවද සඳහන්ය.

2023 වසරේ විදේශ රැකියා සඳහා ගිය අයගෙන් 70%ක් පමණ විවිධ ආකාරයේ වෘත්තීය දක්ෂතා සහිත අය බවත්, අඩු දක්ෂතා සහිත අය 30%ක් පමණ වන බවත් අදාළ සංඛ්‍යාලේඛන හෙළිදරව් කොට ඇත. රටින් පිටව ගොස් ඇති අයගෙන් 55%ක් පිරිමින් වන අතර 45%ක් කාන්තාවන් බවද සඳහන්ය.

එමෙන්ම 34%ක් පමණ වයස අවුරුදු 25-34 අතර කාණ්ඩයේ අය බවයි දැක්වෙන්නේ.

එලෙසම මේ ආකාරයෙන් සිදුවන ශ්‍රම සංක්‍රමණයෙන් 78%ක් පමණ ගොස් ඇත්තේ මැදපෙරදිග රටවලටය. යුරෝපයට 7%ක්ද, ආසියාතික රටවලට 12%ක්ද, ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය යන රටවලට 0.08%ක්ද පිටව ගොස් ඇති බව සඳහන්ය.

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...