Breaking News

ජාතික සංවිධායක තනතුර හරහා පොදුජන පෙරමුණේ බෙදීම එලියට – පක්ෂයේ බහුතරය නාමල්ට කැමති නැහැ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර මාරුවීමත් සමග එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම උග්‍ර වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යය ප්‍රසන්න රණතුංගගේ අදහස් දැක්වීමෙන්  පැහැදිලිවේ .  එම මූලස්‌ථානයේ පැවැති හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග ප්‍රකාශ  කළේ තමන්ට පෙනෙන මානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති අපේක්ෂකයෙකු නැති බවයි . නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට තව වසර දහයක්වත්  දේශපාලනය තුළ ක්‍රියාකාරීව සිටිය යුතු බව ඔහුගේ අදහසයි . ජාතික සංවිධායක ධූරය මේ මොහොතේ නාමල් රාජපක්ෂට ලබාදීම සම්බන්ධයෙන්  ප්‍රසන්න රණතුංග අසතුටින් සිටින බව ඔහුගේ කතාවෙන් ගම්‍යවෙන අතර තවදුරටත් ඔහු බලාපොරොත්තු වන්නේ බැසිල් රාජපක්ෂ එම තනතුරේ සිටිය යුතු බවයි .

ඉදිරි මැතිවරණයේදී තමන්ගේ අපේක්ෂාව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවතත් ජනාධිපති අපේක්ෂකයා ලෙස සහයෝගය දැක්වීම බවද ඔහු ප්‍රකාශ කර සිටියා .

කෙසේ වෙතත් ප්‍රසන්න රණතුංගගේ අදහස් දැක්වීමෙන් පැහැදිලිවන එක් කරුණක් නම් මේ මොහොත වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තරයේ හටගෙන තිබෙන ගැටුම උත්සන්න වී ඇති බවත් නාමල් රාජපක්ෂගේ  ජාතික සංවිධායක තනතුරට  පත්වීම ප්‍රශ්නයක් වී ඇති බවයි .

පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරණයකට කලින් මහ මැතිවරණයක් එනවා නම් එයට ඔවුන් සතුටු වන බවයි . බැසිල්ගේ මහ මැතිවරණයක් පිළිබඳව දහස් ප්‍රකාශ  කිරීම හරහා  පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස ජනාධිපති අපේක්ෂකයෙකු පත් කිරීමට ඔවුන්ට විශ්වාසවන්ත අපේක්ෂකයෙකු නැති බවයි . ප්‍රසන්න රණතුංගගේ කතාව හරහාද  යළි තහවුරු වන්නේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක හිගයෙන් පෙළෙන බවයි.

leave a reply