සිසුන්ගේ විරෝධය හමුවේ කැළණිය සරසවියට ගිලන් රථයක් දෙන්න එකඟ වෙයි

පරිපාලනය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අසල රැඳී සිටි විද්‍යාර්ථින් එම ස්ථානයෙන් ඉවත්වී තිබෙනවා.

ශිෂ්‍ය නේවාසිකාගාරයේදී යම් රෝගී තත්ත්වයකින් ශිෂ්‍යයෙකු මිය යාම සම්බන්ධයෙන් කැළණිය විශ්වවිද්‍යාලය තුළ නොසන්සුන්තාවක් හටගෙන තිබුණා.

සිසුන් පවසන්නේ විශ්වවිද්‍යාලය තුළ ගිලන් රථයක් නොතිබීම ශිෂ්‍යයාගේ මරණයට හේතු වූ බවයි.

මෙම සිදු වීමෙන් අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලය තුළට ආචාර්යවරුන්ට සහ සේවකයන්ට ඇතුළුවීමට නොදී සිසුන් එහි ගේට්ටු වසා දමා ඔවුන් විරෝධය පළ කර තිබුණා.

කෙසේවෙතත්, දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ සිව් වන වසරේ සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...