Breaking News

සිසුන්ගේ විරෝධය හමුවේ කැළණිය සරසවියට ගිලන් රථයක් දෙන්න එකඟ වෙයි

පරිපාලනය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අසල රැඳී සිටි විද්‍යාර්ථින් එම ස්ථානයෙන් ඉවත්වී තිබෙනවා.

ශිෂ්‍ය නේවාසිකාගාරයේදී යම් රෝගී තත්ත්වයකින් ශිෂ්‍යයෙකු මිය යාම සම්බන්ධයෙන් කැළණිය විශ්වවිද්‍යාලය තුළ නොසන්සුන්තාවක් හටගෙන තිබුණා.

සිසුන් පවසන්නේ විශ්වවිද්‍යාලය තුළ ගිලන් රථයක් නොතිබීම ශිෂ්‍යයාගේ මරණයට හේතු වූ බවයි.

මෙම සිදු වීමෙන් අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලය තුළට ආචාර්යවරුන්ට සහ සේවකයන්ට ඇතුළුවීමට නොදී සිසුන් එහි ගේට්ටු වසා දමා ඔවුන් විරෝධය පළ කර තිබුණා.

කෙසේවෙතත්, දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ සිව් වන වසරේ සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

leave a reply