Breaking News

අපේක්ෂා රෝහලේ ළමුන්ට ප්‍රතිකාර කරන විකිරණ යන්ත්‍රය අක්‍රීයයි

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය පෙබරවාරි 29 වනදා සිට අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කරන්නේ ඒ සඳහා භාවිත කරන “ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය” පෙබරවාරි 29 වනදා බිඳ වැටී ඇති අතර එය මේ වනතෙක් යථා තත්ත්වයට පත්කර නොමැති බවයි.

ඒ හේතුවෙන්, දිනකට කුඩා දරුවන් 10 – 15 අතර ප්‍රමාණයක ප්‍රතිකාර කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව සඳහන්.

පිළිකා රෝගියෙකුට පෞද්ගලික රෝහලකින් මෙම පිළිකා ප්‍රතිකාරක ලබාගැනීමට රුපියල් ලක්ෂ 7 – 17ත් අතර මුදලක් වැය කිරීමට සිදුවෙන බවද විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කරනවා.

leave a reply