අපේක්ෂා රෝහලේ ළමුන්ට ප්‍රතිකාර කරන විකිරණ යන්ත්‍රය අක්‍රීයයි

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය පෙබරවාරි 29 වනදා සිට අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කරන්නේ ඒ සඳහා භාවිත කරන “ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය” පෙබරවාරි 29 වනදා බිඳ වැටී ඇති අතර එය මේ වනතෙක් යථා තත්ත්වයට පත්කර නොමැති බවයි.

ඒ හේතුවෙන්, දිනකට කුඩා දරුවන් 10 – 15 අතර ප්‍රමාණයක ප්‍රතිකාර කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව සඳහන්.

පිළිකා රෝගියෙකුට පෞද්ගලික රෝහලකින් මෙම පිළිකා ප්‍රතිකාරක ලබාගැනීමට රුපියල් ලක්ෂ 7 – 17ත් අතර මුදලක් වැය කිරීමට සිදුවෙන බවද විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කරනවා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...