රනිල් පොහොට්ටු මන්ත්‍රීවරු බිලී බෑම ගැන මහින්දලාගෙන් විරෝධය

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (SLPP) පක්ෂ ධුරාවාලිය මඟහරිමින් පක්ෂයේ පුද්ගලයන් සමඟ සෘජුව ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සිය කනස්සල්ල පළකර ඇතැයි වාර්තා වේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී රනිල්ට එය දැනුම් දී ඇත.

ඇතැම් මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් ජනාධිපතිවරයාගේ පැත්ත ගැනීමත් සමඟ මේ පිළිබඳ අවධානය යොමුව තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් රනිල්ට පක්ෂපාතීව සිටියි. ඔවුන්ගෙන් බහුතරයක් ආණ්ඩුවේ ඇමතිකම් ද දරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල්ට අපේක්ෂකත්වය ලබා දීමට විවෘතව පෙනී සිටියි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවමත් තීරණයක් ප්‍රකාශයට පත්කර නැත.

පොහොට්ටුව රනිල් ගෙන එන්නේ ඒ මොහොතේ තමන්ට අවශ්‍ය කාර්ය බරය ඔහු ලවා ඉටුකර ගැනීමටයි. දැන් එයම ඔවුන්ට හිසරදයක් වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...