Breaking News

ඕස්ට්‍රේලියානු සමාගමකටත් ඉන්ධන අලෙවියට අවසර

United Petroleum Australia සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය පෙබරවාරි 22වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මෙලෙස ගිවිසුම්ගත වූ බවයි.

ඒ අනුව, එම සමාගමට දැනට පවතින සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 150ක් පවරා ඇති අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමේ අයිතියද ලබා දී තිබෙනවා.

United Petroleum Australia යනු ඔස්ට්‍රේලියානු උප මහද්වීපය පුරා ඉන්ධන පිරවුම්හල් 500කට අධික ප්‍රමාණයක් හිමි ඔස්ට්‍රේලියානු සමාගමක් වන අතර ඔස්ට්‍රේලියාවෙන් පිටත රාජ්‍යක් තුල මෙලෙස ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවියට එක්වූ පළමු අවස්ථාවද මෙය වනවා.

මෑතකදී චීනයේ සිනොපෙක් සමාගමට ද ඉන්ධන බෙදාහැරීම සඳහා අවස්ථාව ලබාදෙන ලදී.

 

 

leave a reply