ඕස්ට්‍රේලියානු සමාගමකටත් ඉන්ධන අලෙවියට අවසර

United Petroleum Australia සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය පෙබරවාරි 22වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මෙලෙස ගිවිසුම්ගත වූ බවයි.

ඒ අනුව, එම සමාගමට දැනට පවතින සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 150ක් පවරා ඇති අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමේ අයිතියද ලබා දී තිබෙනවා.

United Petroleum Australia යනු ඔස්ට්‍රේලියානු උප මහද්වීපය පුරා ඉන්ධන පිරවුම්හල් 500කට අධික ප්‍රමාණයක් හිමි ඔස්ට්‍රේලියානු සමාගමක් වන අතර ඔස්ට්‍රේලියාවෙන් පිටත රාජ්‍යක් තුල මෙලෙස ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවියට එක්වූ පළමු අවස්ථාවද මෙය වනවා.

මෑතකදී චීනයේ සිනොපෙක් සමාගමට ද ඉන්ධන බෙදාහැරීම සඳහා අවස්ථාව ලබාදෙන ලදී.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...