විදුලිය කැපූ පවුල් ලක්ෂ 9ට නැවත විදුලිය ලබාදෙන හැටි ගැන පුබුදුගෙන් යෝජනාවක්

Date:

විදුලිය විසන්ධි කරන ලද නිවාසවලට නැවත විදුලිය ලබාදිය හැකි ක්‍රමයක් ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කරයි. විදුලි පාරිභෝගිකයන්ගේ ස්ථිර තැන්පතු කෝටි 2100 අයථා ලෙස භාවිත වෙමින් තිබෙන බවත් විදුලිය විසන්ධි කළ සියලු දෙනාට එහි පොලියෙන් අඩු කර විදුලිය ලබාදිය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ

”රු කෝටි 5810ක අති දැවැන්ත ලාභයක් විදුලි බල මණ්ඩලය අරගෙන තියෙනවා. මෙය යන්ත්‍ර ක්ෂය වීමටත් අඩු කිරීමෙන් පසු ලාභය. ක්ෂයවීමටත් අඩු නොකර ලැබූ ලාභය ගණනය කරොත් රු බිලියන 100ට ඉක්මනවා. විදුලි ගාස්තු වැඩි කරද්දී මුලින් කාංචන විජේසේකර කිව්වේ පිරිවැය පරාවර්තිත ගාස්තු ක්‍රමයක් තමයි හදන්නේ කියලා. දැන් අපි අහනවා රු කෝටි 5810ක දැවැන්ත ලාභයක් ගත්තට පස්සේ ලංකා විදුලි බල මණ්ඩලය මේක පිරිවැය පරාවර්තිත මිල ක්‍රමයක්ද?

මේ දැවැ ලාභ ලබාගැනීම සඳහා විදුලි බල මණ්ඩලය කළු කඩයක් බවට පත්කර ගැනීමක්. ආදායමෙන් 36%ක ලාභ රේට්ටුවක් තියෙන කර්මාන්ත ලංකාවේ කොහෙද තියෙන්නේ.

විදුලි බලය පැති දෙකකින් ආර්ථිකයට වැදගත්. බලශක්තිය බාවිතා වෙනවා කර්මාන්ත සඳහා. දෙවැනි එක ජනතාවගේ දෛනික ජීවිතය පවත්වාගෙන යාම සඳහා බලශක්තිය පාවිච්චි වෙනවා. නිවෙස් නමලක්ෂ අසූදහසක විදුලි බිල් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කර තියෙනවා. කුඩා පරිමාණ කර්මාන්ත 19000ක විදුලිය විසන්ධි කර තියෙනවා. එතකොට කුඩා හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත 19000ක් වැහිලා ගිහින් තියෙනවා විදුලිය ප්‍රශ්නෙත් එක්ක. ලංකාව තමයි දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට. දෙවනියට තියෙන්නේ පකිස්ථානය. පකිස්ථානයට වඩා 40%න් වැඩියි ලංකාවේ විදුලි බිල. ලංකාව ප්‍රාග්ධනය ගෙන්වාගැනීම සඳහා තරඟ කරමින් ඉන්නේ දකුණු ආසියානු රටවල් සමඟ. මේ හැම එකට වඩා විදුලි බිල වැඩියි කියන්නේ පලකයෝම කියන උපාය මාර්ගය වන ආයෝජකන ගෙන්න ගන්න වෙන්නෙ නැහැනේ.

ආර්ථිකය සංයුක්තව අරගෙන නෙමෙයි විදුලි බිල වැඩි කර තිබෙන්නේ. විදුලි බල මණ්ඩලේ ලාභ ලැබිය යුතුයි කියන පදනමෙන්.

ඊට අමතර ප්‍රශ්නයක් තියෙනවා. රු කෝටි 2100ක් තියෙනවා අපි දුන්න තැන්පතු. ජනතාව විදුලිය ලබා ගැනීමේදී තැන්පතු කරපු මුදල්. එම මුදල් ස්ථාවර තැන්පතු දාලා තියෙන්නේ බැංකුවල. විශාල පොලියක් විදුලි බල මණ්ඩලයට ලැබෙනවා. විදුලි හා පුනර්ජනනීය පාරිභෝගික සංගමය නඩුවක් දාලා තියෙනවා. පෙබරවාරි 21 වනදා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීමට නියමිත වෙලා තියෙනවා. දැන් එම නඩුවේදී හෙළිවෙන එක තමයි ජනතාවගේ මුදලුත් ඉතාම අයුතු ලෙස මේගොල්ලෝ පාවිච්චි කරමින් ඉන්නවා කියන එක. ඒ මුදල් ප්‍රමාණය බැලුවම ජනතාවට රු 700ක් අඩුවෙන් විදුලිය දෙන්න ඕනා. දැන් අර ගෙවල් නම ලක්ෂ අසූ දහසක විදුලිය විසන්ධි කර තියෙනවනේ. ඒ අතරින් වැඩිම නිවෙස් ප්‍රමාණය මසකට 30%ට වඩා අඩුවෙන් විදුලිය පාවිච්චි කරන නිවාස. ඔවුන්ට පලවෙනි පියවර ලෙස ඔවුන් ලබාදීපු තැන්පතු මුදලින් ලබාගත් පොළිය පාවිච්චි කර විදුලිය නැවත ලබාදිය යුතුයි.”

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...