බදු වැඩිකරන්න ඡන්දෙත් දීලා බදු ගැන දුක්වෙන ‘මහින්ද බබා’

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාල පක්‍ෂයක නායකයෙක් බවත් සෑම ඡන්දදායකයෙක්ම ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන විට ඡන්දය දෙන පක්‍ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉහළ බදු හේතුවෙන් රටේ උගත් වෘත්තිකයන් සහ පුහුණුවලත් වෙනත් ශ්‍රේණිවල වෘත්තිකයන් රට හැර යෑම ගැටලුවක් බවට පත්ව ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

බදු වැඩිකිරීම ඇතුළු දැනට ආණ්ඩුව විසින් අනුගමනය කරන ක්‍රියාමර්ග ගනිමින් සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මතයි. එම අරමුදලේ ප්‍රධානියෙකු මෑතකදී ත් පැවසුවේ බදු ආදායම ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී තවත් බදු වැඩි කිරීම් සිදුකළ යුතු බවයි.

මහින්ද ඇතුළුව පොදු පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම තහවුරු කරමින් ඡන්දය ලබාදෙන ලදී. ඊට අමතරව බදු වැඩි කිරීම ඇතුළත් අයවැය සම්මත වූවේත් පොදු පෙරමුණු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙනි.

මහින්දට බදු මතක් වී ඇත්තේ ඡන්දය මතක් වීමෙන් පසුවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...