පාසල් උපකරණය මිල ඉහළ යාම දරුවන්ගේ සෞඛ්‍යටත් බලපායි

මිල ඉහළ යාම හේතුවෙන් ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ භාවිතයට ගැනීම නිසා දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදු වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.

වෛද්‍යවරුන් පවසන්නේ, වෙළෙඳපොළේ පවතින ප්‍රමිතියෙන් තොර ආනයනික පාසල් උපකරණ හරහා එම තත්ත්වය මතු වී ඇති බවයි.

නීතියට පිටින් විවිධ ක්‍රම හරහා රට තුළට ගෙන එන ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ අද වන විට වෙළෙඳපොළට පැමිණ තිබීම මීට හේතු වී තිබෙනවා.

ඒ අනුව, පැන්සල් සහ පාට පැන්සල්වල ආලේප කර තිබෙන තීන්ත සහ මිනිරන් හෝ පාට පැන්සල් කූර ප්‍රමිතියෙන් යුක්ත නොවීමෙන් දරුවන්ගේ ජීවිත අවදානමකට ලක්විය හැකි බව වෛද්‍යවරුන් තවදුරටත් පෙන්වා දෙනවා.

දරුවන් ඒවා භාවිත කිරීමේදී මුඛයෙන් සැපීමකට ලක්කිරීම හරහා ඊයම් වැනි බැර ලෝහ ශරීරයට ඇතුළු වීමේ අවස්ථාව ඇති බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

මේ අතර, පවතින ආර්ථික අපහසුතා දෙමව්පියන් වැඩිදෙනෙක් අඩු මිලගණන් යටතේ ඇති පාසල් උපකරණ මිලදී ගැනීමට යොමුවන නමුත් මේ දිනවල වෙළඳපලේ අලෙවි කිරීමට ඇති පාසල් උපකරණ බොහොමයක ප්‍රමිතිය පිලිබඳව ගැටළු මතුවන බව කොළඹ රිජ්ජේ ආර්යා ළමා රෝහලේ තත්ව පාලන අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි පවසනවා.

ඔහු පවසන්නේ ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටි,පැන්සල් ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍ය දිගු කාලයක් භාවිතයට ගැනීමෙන් දරුවන් පිළිකා රෝගවලට ගොදුරු වීමේ අවදානමක්ද පවතින බවයි.

ලබන වසරේ සිට පොත් ඇතුළු පාසල් උපකරණ රැසකට අදාළ වැට් බදු වැඩිකිරීමක් සිදුවේ. මේ අනුව පාසල් දරුවන් මුහුණ දෙන මෙම අවදානම තව තවත් ඉහළ යනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...