ළමා රැඳවුම් මධ්‍යස්ථානයකදී දරුවෙකු පහරදී ඝාතනය කරලා

පහනක් සහ සීනුවක් සොරකම් කළ බවට චෝදනා කරමින් මඩකලපුව – කොක්කුවිල් පොලිසිය විසින් 14 හැවිරිදි නාරායනන් ආනන්දදේවන් දර්සාත් නමැති සිසුවෙකු පසුගිය නොවැම්බර් මස 16වනදා අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුවා නොවැම්බර් 17වනදා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහි දී ළමා පුනරුත්ථාපන කඳවුරකට ඇතුළත් කරන ලෙසට අධිකරණය නියෝග කර ඇත.

නොවැම්බර් මස 29 වන දින දරුවා මිය ගිය බවට දෙමාපියන්ට දැනුම් දී තිබේ.

අනතුරුව සිදු කරනු ලැබූ මරණ පරීක්ෂණවලදී අනාවරණ වූ තිබුණේ, දරුවාගේ සිරුරේ තුවාල සහ තැලුම් පහරවල් තිබූ බවය.
කෙසේ වෙතත් අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් නොකළේ මන්දැයි දරුවාගේ පියා ප්‍රශ්න කර සිටියි.

දරුවාගේ මුරණ්ඩුකම මට්ටු කරන බව පවසමින්, ළමා නිවාසයේ පාලකවරිය විසින් අදාළ පහර දීම් සිදු කර ඇති අතර ඇය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
මිය ගිය දරුවාගේ පාදයක අගල් දෙකක් පමණ වන ගැඹුරු තුවාලයක් තිබූ බව ද ඔහුගේ පිය පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...