ළමා රැඳවුම් මධ්‍යස්ථානයකදී දරුවෙකු පහරදී ඝාතනය කරලා

පහනක් සහ සීනුවක් සොරකම් කළ බවට චෝදනා කරමින් මඩකලපුව – කොක්කුවිල් පොලිසිය විසින් 14 හැවිරිදි නාරායනන් ආනන්දදේවන් දර්සාත් නමැති සිසුවෙකු පසුගිය නොවැම්බර් මස 16වනදා අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුවා නොවැම්බර් 17වනදා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහි දී ළමා පුනරුත්ථාපන කඳවුරකට ඇතුළත් කරන ලෙසට අධිකරණය නියෝග කර ඇත.

නොවැම්බර් මස 29 වන දින දරුවා මිය ගිය බවට දෙමාපියන්ට දැනුම් දී තිබේ.

අනතුරුව සිදු කරනු ලැබූ මරණ පරීක්ෂණවලදී අනාවරණ වූ තිබුණේ, දරුවාගේ සිරුරේ තුවාල සහ තැලුම් පහරවල් තිබූ බවය.
කෙසේ වෙතත් අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් නොකළේ මන්දැයි දරුවාගේ පියා ප්‍රශ්න කර සිටියි.

දරුවාගේ මුරණ්ඩුකම මට්ටු කරන බව පවසමින්, ළමා නිවාසයේ පාලකවරිය විසින් අදාළ පහර දීම් සිදු කර ඇති අතර ඇය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
මිය ගිය දරුවාගේ පාදයක අගල් දෙකක් පමණ වන ගැඹුරු තුවාලයක් තිබූ බව ද ඔහුගේ පිය පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...