එක්ප්‍රස් පර්ල් නැවේ වන්දිය කොල්ල කෑ මුහුදු මංකොල්ලකාරය කවුද?

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අනුග්‍රහය ලැබූ ප්‍රකට මුහුදු මංකොල්ලකාරයෙක්ගේ සමාගමක් එක්ප්‍රස් පර්ල් නැව ගිනිගැනීමෙන් සිදුවූ හානියට අදාළ වන්දි මුදල ලංකාවට අහිමිකිරීමට වගකිවයුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ මෙම මුහුදු මංකොල්ලකාරය අදාළ නැව් සමාගම සහ රක්ෂණ සමාගම සමඟ ඩීල් දමා ඩොලර් බිලියන 10ක පමණ වන්දි ගැනීමේ ක්‍රියාවලිය විනාශකර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

“සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරිය කිව්වා මේ අනතුරෙන් සිදුවූ හානියට ඩොලර් බිලියන 10ක විතර වන්දියක් ගැනීමේ හැකියාව තියෙනවා කියලා. ඒ කාලෙ නීතිපති දෙපාර්තමේන්තුවත් ඒක පිළිගත්තා. අපි ඇහුවම මේ අහක තිබුන නැව් ගෙනල්ලා මෙහෙ පුච්චගත්තේ කියලා මේකෙන් ඩොලර් බිලියන 10ක වන්දි ගන්න පුළුවන් කිව්වා. දැන් අන්තිමට මේ අනතුරට අදාළ වන්දිය ගන්න වෙන්නේ නැහැ. මේ නැව් සමාගම තවදුරටත් සිංගප්පූරුවේ නැහැ. ඒ සමාගම වහලා. දැන් විත්තිකරුවෙක් නැහැ. ඒ සමාගමට අයත් නැව් 04ක් තිබුණා. එකක් ගිනිගත්තා. අනික් තුන විකුණලා. සිංගප්පූරුවේ ඉන්නවා මේ නැව් මෙහෙයුම් කටයුතු කරන්න මැදිහත්වුණු නියෝජිතයා විතරක්. බීඑන්අයි ඉන්ෂුරන්ස් කියන රක්ෂණ සමාගම එංගලන්තේ තියෙන්නේ. ඒ සමාගම එංගලන්තේ දාලා තියෙන නඩුවේදී කියලා තියෙනවා මේ අනතුරට ගෙවන්න පුළුවන් පවුම් මිලියන 19යි කියලා. මම හිතන්නේ ගින්න නිවන්න ඊට වඩා වියදම් වුනා. රටවල් අතර ගිවිසුම් තියෙනවා මෙවැනි දෙයක් වුනාම වැඩකරන විදිහ ගැන. ඒවාට අනුව සිංගප්පූරුවයි එංගලන්තෙයි සමාගම් කතා කරගෙන එංගලන්ත අධිකරණයේ තීන්දු අරන් තියෙනවා. හැබැයි ඒ ගිවිසුම්වලට ලංකාව අත්සන් කරලා නැහැ. ඒ නිසා මේ කතා මුකුත් ලංකාවට අදාළ නැහැ. ලංකාව මේක සම්බන්ධයෙන් මැදිහත්විය යුතුව තිබුණා. ඒ මැදිහත්වුනෙත් නැහැ.

මේ වගේ දෙයක් වුනාම ලංකාවේ නඩුවක් පවරන්න පුළුවන්. විදේශයක නඩුවක් පවරන්න පුළුවන්. ලංකාවේ නඩුවක් පවරන්නේ වන්දි ගැනීමේ අපේක්ෂාවෙන්. විදේශීය රටක සාමන්‍යයෙන් නඩුවක් පවරන්නේ බේරුම්කරණය සඳහා. දැන් අපිට ආරංචි විදිහට නීතිපති දෙපාර්තමේන්තුව ලංකාවේ මේ සම්බන්ධ නඩුවක් පවරන්නේ නැතුව නඩුවක් සිංගප්පූරුවේ පවරන්න යනවා. සිංගප්පූරු සමාගමක් විසින් කරන ලද හානියට අදාළව සිංගප්පූරුවේ නඩුවක් පවරන්න යනවා. ඇයි ලංකාවේ නඩුවක් පවරන්නේ නැත්තේ. නඩුවක් පවරලා භෞතික සාක්ෂි, වාචික සාක්ෂි, විශේෂඥයන්ගේ සාක්ෂි මේවා පාවිච්චි කරලා නඩුවක් නොදන්නේ ඇයි? ලංකාවේ නීතියට අනුව මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණයක නඩුවක් දානවා නම් අවුරුදු 02ක් ඇතුළත නඩුව පවරන්න ඕනා. 2023 මැයි මාසෙ 19වනදා ඒ කියන්නේ අද සිට හරියටම මාසයක කාලයක් ඇතුළත ලංකාවේ අධිකරණයක නඩු පැවරීම සඳහා වන කාලය ඉක්මවෙනවා. සිංගප්පූරුවේ නඩු පවරන්න වෙන්නේ බේරුම්කරණයට. ඒ නඩුවෙන් මේ වෙච්ච හානියට වන්දිය ගන්න බැහැ.”

 

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...