රාජපක්ෂලාට තිබූ ජනතා ප්‍රසාදය හොඳටම අඩුවෙලා – සමීක්ෂණයකින් හෙළිවෙයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයින් අතර ජනතා ප්‍රසාදය අඩුම දේශපාලනඥයින් අතරට රාජපක්ෂ පවුලේ දේශපාලනඥයින් පත්ව තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් කළ නවතම සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව ජනතා ප්‍රසාදය අඩුම දේශපාලනඥයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පත්ව ඇති අතර ඉන් අනතුරුව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ජනතා ප්‍රසාදය අඩුම දේශපාලකයා ලෙස පත්ව තිබෙනවා.

එහිදී ඔවුන් ලකුණු -73ක් හා -64ක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගෝඨාභය රාජපක්ෂට ජනතා ප්‍රසාදය -51ක් සහ මහින්ද රාජපක්ෂ මහතාට ජනතා ප්‍රසාදය -52ක් ලෙස සටහන් වනවා.

ජනතාව අතර ප්‍රසාදය හිමි දේශපාලනඥයින් අතර ධන අගයක් ලබා සිටින්නේ හිටපු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේයි.

එහිදී ඇයට ධන ලකුණු 08ක් හිමිව ඇති අතර හිටපු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනට සෘණ හෝ ධන ලකුණු හිමිව නොමැති අතර ඔහුගේ අගය 0 වනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට මෙම සමීක්ෂණයේ දී -16ක් හිමිව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට -39ක් මෙම සමීක්ෂණයෙන් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...