Breaking News

ළමා රෝග විශේෂඥයන් නොමැතිව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුව වසා දමයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝගීන් සඳහා විශ්ව විද්‍යාලයීය මහාචාර්ය ඒකකයට අනුබද්ධව පැවති එක් වාට්ටුවක් එහි සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදේශ ගතවීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට සිදුව තිබේ.

එම රෝහලේ 63 වාට්ටුව මෙසේ වසා දමා ඇති අතර එහි සිටින රෝගීන් වාට්ටු අංක 24 සහ 25 වෙත යොමු කිරීමටත් ඉදිරියේදී සිදුකරනු ලබන ඇතුළත් කිරීම් එම වාට්ටු දෙකට පමණක් යොමු කරන ලෙසටත් රෝහලේ බලධාරීන් මේවනවිට අදාළ උපදෙස් ලබාදී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙන්ම දැනට ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බදු ප්‍රතිපත්තිය හේතුවෙන් සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන් රැසක් රට හැරදමා යාමේ තත්ත්වයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් රෝහල් බොහොමයක කාර්ය මණ්ඩල හිඟයක් ඇතිව තිබේ.

ආණ්ඩුව මේවනවිට විවිධ අජයේ ආයතනවල වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වීමේදී ඒ යුධ හමුදා සාමාජිකයන් හරහා එම කටයුතු මෙහෙය විය හැකි බවට නන්දොඩවමින් සිටියි. මේ අනුව ඇතැම් පිරිස් ප්‍රශ්න කර සිටින්නේ හමුදාව යොදවා මෙම කටයුතු කළ හැකිද යන්නයි.

leave a reply