ළමා රෝග විශේෂඥයන් නොමැතිව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුව වසා දමයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝගීන් සඳහා විශ්ව විද්‍යාලයීය මහාචාර්ය ඒකකයට අනුබද්ධව පැවති එක් වාට්ටුවක් එහි සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදේශ ගතවීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට සිදුව තිබේ.

එම රෝහලේ 63 වාට්ටුව මෙසේ වසා දමා ඇති අතර එහි සිටින රෝගීන් වාට්ටු අංක 24 සහ 25 වෙත යොමු කිරීමටත් ඉදිරියේදී සිදුකරනු ලබන ඇතුළත් කිරීම් එම වාට්ටු දෙකට පමණක් යොමු කරන ලෙසටත් රෝහලේ බලධාරීන් මේවනවිට අදාළ උපදෙස් ලබාදී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙන්ම දැනට ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බදු ප්‍රතිපත්තිය හේතුවෙන් සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන් රැසක් රට හැරදමා යාමේ තත්ත්වයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් රෝහල් බොහොමයක කාර්ය මණ්ඩල හිඟයක් ඇතිව තිබේ.

ආණ්ඩුව මේවනවිට විවිධ අජයේ ආයතනවල වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වීමේදී ඒ යුධ හමුදා සාමාජිකයන් හරහා එම කටයුතු මෙහෙය විය හැකි බවට නන්දොඩවමින් සිටියි. මේ අනුව ඇතැම් පිරිස් ප්‍රශ්න කර සිටින්නේ හමුදාව යොදවා මෙම කටයුතු කළ හැකිද යන්නයි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...