රට ණය උගුලේ තව අඩි තුනක් ප්‍රපාතයට ගියා – දුමින්ද නාගමුව

අයි.එම්.එෆ්.ණය ලබා ගැනීම හරහා රට තවත් අඩි තුනක් ණය උගුලේ ප්‍රපාතයට ගියේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.” ශ්‍රී ලංකාව බිලියන 53ක් ණය තිබුණා. ඒ කියන්නේ අඩි 53 ක ප්‍රපාතයේ හිටියේ. දැන් අයි.එම්.එෆ්.හරහා තවත් බිලියන තුනක් ණය ලැබුණා. ඒ කියන්නෙ තවත් අඩි තුනක් ප්‍රපාතයට ගියා” යැයි ද ඔහු පවසා තිබේ.

දුමින්ද නාගමුව වැඩිදුරටත් පවසා ඇත්තේ,
“අයි.එම්.එෆ්. කොන්දේසි සියල්ලම ධනවත් පෙළැන්තියේ අවශ්‍යතාවය උදෙසා සැකසිච්ච ඒවා. ඒවා ඉෂ්ට කරන්නේ ධනවත් පෙළැන්තියේ ආර්ථික හා දේශපාලන කොන්දේසි.
සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර පවා පෞද්ගලීකරණය කරන්න කියලයි අයි.එම්.එෆ් කියන්නේ. ඒක එක සැරේම කරන්න බැරි නිසා රජයේ රෝහල ඇතුළේ පෞද්ගලික වාට්ටු නිර්මාණය කරන්න යෝජනා කරනවා. මේවා ජනතාව තේරුම් ගත යුතුයි.
ශ්‍රී ලංකාවේ තිබ්බේ ආර්ථික අර්බුදයක් නෙමෙයි ‘ආර්ථික මංකොල්ලයක්’. දැන් වෙලා තියෙන්නේ එම ආර්ථික මංකොල්ලයට ‘ආර්ථික අර්බුදය’ කියන නම දාලා ඊට කිසිම සම්බන්ධයක් නැති ජනතාවට එම මංකොල්ලයේ පාඩුව ගෙවන්න කියන එකයි. මංකොල්ලයේ යෙදුණු අයගෙ නම් වහලා ඊට කිසිම සම්බන්ධයක් නැති සමාජ පන්තිවලට බදු බර පටවල තියනවා. ජනතාව මේක තේරුම් ගත යුතුයි. අයි.එම්.එෆ්. කොන්දේසි පිළිගත්ත කිසිම රටක් නිදහසේ ගලාගෙන ගියේ නෑ. පීඩනය දරාගන්න බැරිව ජනතාව එළියට බැස්සා. ජනතාවට අවදියෙන් ඉන්න කියලා අපි කියනවා. ”

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...