අපේ මාසෙ පඩිය හයදාහයි, අපි කොහොමද ජීවත් වෙන්නේ- වතු කම්කරු කාන්තාවන්

‘වතු කරයේ කාන්තාවන් වන අපි විදින දුක මේ මංත්‍රිවරුන්ට ඇහෙන්නේ නැහැ. මේ අයට අවශ්‍ය අපේ ඡන්දය පමනයි. මේ මංත්‍රිවරුන් ආවේ අපේ ඡන්දයෙන් එම නිසා මේ අය අපි ගැන සොයා බැලිය යුතුයි’ විඩිවෙල්ලි කාන්තා සංගමයේ වටවල මවුන්ට් ජින් වතු යායේ නායිකා එම්. සරස්වති මේ බව පවසන ලද්දේ එම සංගමයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව හැටන් සිරි කුරුස දේවස්ථානය අසල ශාලාවක පැවති අතර එහිදි වැඩි දුරටත් කතා කල සරස්වති ,
‘අපි විදින දුක මේ අය දැනගත යුතුයි. අපි දවසකට තේ දළු කිලෝ 18ක් කැඩිය යුතුයි. වනාන්රත කැලේ තේ ගස් හොයාගෙනයි තේ දළු කැඩිය යුත්තේ. අපි මසකට රුපියල් පන් දාහයි හය දාහයි පඩි ගන්නේ. අද හාල් කිලෝව රුපියල් 230යි. පිටි කිලෝව රුපියල් 230යි. එය විතරක්ද ගන්නේ අපිට අද නිසි පෝෂනයක් නැහැ.

අපිට නිවාඩු දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් කියලායි ඡන්දය ඉල්ලන්නේ එත් ගිහින් කරන්නේ වෙන දෙයක්. අපි හරක්ද අපිට මෙහෙම කරන්න. අපිට රුපියල් දාහක් පඩි වැඩි කලාට වැඩක් නැහැ. මෙයින් අපි හාල් පිටි විතරද ගන්නේ ලමයි බලන්න ඕන ලමයි පාසල් යවන්න ඕන. අපි දැන් දවසට තුන් වෙල කන්නේ නැහැ දෙවෙලයි කන්නේ. අපි කියන්නේ බඩු මිල අඩු කරන්න කියලායි’

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...