අපේ මාසෙ පඩිය හයදාහයි, අපි කොහොමද ජීවත් වෙන්නේ- වතු කම්කරු කාන්තාවන්

‘වතු කරයේ කාන්තාවන් වන අපි විදින දුක මේ මංත්‍රිවරුන්ට ඇහෙන්නේ නැහැ. මේ අයට අවශ්‍ය අපේ ඡන්දය පමනයි. මේ මංත්‍රිවරුන් ආවේ අපේ ඡන්දයෙන් එම නිසා මේ අය අපි ගැන සොයා බැලිය යුතුයි’ විඩිවෙල්ලි කාන්තා සංගමයේ වටවල මවුන්ට් ජින් වතු යායේ නායිකා එම්. සරස්වති මේ බව පවසන ලද්දේ එම සංගමයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව හැටන් සිරි කුරුස දේවස්ථානය අසල ශාලාවක පැවති අතර එහිදි වැඩි දුරටත් කතා කල සරස්වති ,
‘අපි විදින දුක මේ අය දැනගත යුතුයි. අපි දවසකට තේ දළු කිලෝ 18ක් කැඩිය යුතුයි. වනාන්රත කැලේ තේ ගස් හොයාගෙනයි තේ දළු කැඩිය යුත්තේ. අපි මසකට රුපියල් පන් දාහයි හය දාහයි පඩි ගන්නේ. අද හාල් කිලෝව රුපියල් 230යි. පිටි කිලෝව රුපියල් 230යි. එය විතරක්ද ගන්නේ අපිට අද නිසි පෝෂනයක් නැහැ.

අපිට නිවාඩු දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් කියලායි ඡන්දය ඉල්ලන්නේ එත් ගිහින් කරන්නේ වෙන දෙයක්. අපි හරක්ද අපිට මෙහෙම කරන්න. අපිට රුපියල් දාහක් පඩි වැඩි කලාට වැඩක් නැහැ. මෙයින් අපි හාල් පිටි විතරද ගන්නේ ලමයි බලන්න ඕන ලමයි පාසල් යවන්න ඕන. අපි දැන් දවසට තුන් වෙල කන්නේ නැහැ දෙවෙලයි කන්නේ. අපි කියන්නේ බඩු මිල අඩු කරන්න කියලායි’

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...