රෝයල් මැච් එක වගේ රටත් දිනවනවලු – හැබැයි තව අවුරුදු 25ක් ඉන්නලු

සියලු තරඟ පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත්‍කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූ බවත්, තමාගේද උත්සාහය වන්නේ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන් පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමින්.

පසුගිය ජූලි මාසයේ දී තමා රට භාර ගත්තේ ඉන්ධන, පොහොර, ආහාර හිඟය ඇතුළු තවත් දැඩි අර්බුද රැසක් සමඟ වන අතර, එය බොහෝ තරග පරාජය වූ රාජකීය කණ්ඩායම මෙන් පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා, රට ගොඩගැනීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වු බවද කියා සිටියා.

නමුත් එම තත්ත්වය වෙනස් කර, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට පසුගිය මාස 07 තුළ තම කණ්ඩායමට හැකි වූ බවත් තවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නොවන බවද රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පැවසුවේ 2048 වන විට ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් රටක් බවට පත්කිරීමේ 25 වසරක සැලැස්ම මේ වන විටත් ක්‍රියාවට නංවා තිබෙන බවයි.

රනිල් වික්‍රමසිංහ මේ උදම් අනමින් සිටින්නේ හෙට අනිද්දා IMF ණය ලැබේවි යන විශ්වාසයෙන් යුක්තව විය යුතුය. රනිල් වික්‍රමසිංහ රටේ සියලු මිනිස් ජීවිත උගසට තබමින් ණය ගැනීම ගැන උදම් අනුවද අවසානයේ ඒවා ගෙවීමට සිදුවන්නේ රටේ ජනතාවටයි. ජනතාව දැනටමත් IMF කොන්දේසිවලට යටවී පීඩනයෙන් මිරිකෙමින් සිටියි. එසේම රනිල් කියන සෞභාග්‍ය ලඟා වීමට තව වසර 25ක් ජනතාව දුක් විඳිය යුතුය. ඒ කාලය වනවිට සෞභාග්‍ය උදවු වාද යන්න බලන්නට රනිල් පවා ජීවත්ව නොසිටිනු ඇත.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...