වාරියපොළ උත්සවයකට ගිය ඇමතිවරු දෙදෙනෙකුට ජනතාවගේ විරෝධය

වාරියපොල බමුණුකොටුව වල්පොල ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ඇමතිවරුන් දෙදෙනෙකුට ප්‍රදේශවාසී ජනතාවගෙන් බලවත් විරෝධතාවයක් එල්ලවී ඇත.

රුපියල් ලක්ෂ 250 ක වියදමින් ඉදිකල සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමට ගිය අමාත්‍ය විදුර වික්‍රමනායක ට සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්ට එසේ ජනතාගේ විරෝධතාවය එල්ල විය.

පසුව කැරලිමර්ධන පොලිසිය ගෙන්වා දැඩි ආරක්ෂාව යටතේ උත්සවය පවත්වාගෙන ගොස් තිබිණ.

විරෝධතාවයට එක්වූ පිරිස කියා සිටියේ මෙම ගොඩනැගිල්ල මීට පෙර වාර ගණනාවක් විවෘත කර ඇති බවයි.

තවද මෙම මධ්‍යස්ථානය පිහිටි මහකෙළිය කටුපොත මාර්ගය කලක සිට අබලන්ව පවතින බවත් මෙවැනි ව්‍යාජ උත්සව වලට වැය කරන මුදල් මාර්ගය අළුත්වැඩියා කිරීමට යොදවන ලෙසද පිරිස ඉල්ලා තිබේ.

ජනතාව දූෂිත දේශපාලකයන් හට මෙවැනි විරෝධතා එල්ල කිරීම සුලබව දක්නට ලැබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කළ බොහෝ පිරිසක් ජනතාව හමුවට නොයන්නේ මෙයට ඇති බිය නිසාවෙනි. මහජන මුදලින් සැප විඳිමින් ජනතාව වෙනුවෙන් කිසිදු දෙයක් නොකරන දේශපාලනඥයන්ට අභියෝග කළ හැකි තැනට ජනතාව පත්වීම යහපත් දෙයක් ලෙස පෙනෙන්නට තිබෙන කරුණකි. එය අරගලය විසින් පෙන්වා දෙන ලද පාඩමක් විය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...