කිසිදු ඖෂධයක් වරායේ රඳවාගෙන නෑ – රංජිත් සියඹලාපිටිය

පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍යයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා
බදු නොගෙවීම හේතුවෙන් ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ආනයනය කළ ඖෂධ තොගයක් වරායේ රඳවාගෙන ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව මගින් හෝ රේගුව මගින් එවැනි රඳවා ගැනීමක් සිදු කර නොමැති බවත්, ඖෂධ සඳහා රජය බදු අය නොකරන බවත් හෙතෙම පෙන්වා දෙයි. ඖෂධ ආනයනයේ දී ඒවා හැකි ඉක්මණින් නිදහස් කිරීමට සැම විටම බලධාරීන් කටයුතු කරන අතර ලියකියවිලිවල යම් අඩුවක් තිබුණ ද ඒව පසුව සම්පූර්ණ කිරීමේ පදනම මත හෝ මුලින් ම සිදු කරන්නේ ඖෂධ තොගය නිදහස් කිරීමට බවයි අමාත්‍යවරයා පවසන්නේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...