රනිල්ගේ අලුත් නියෝගයේ අරමුණ මැතිවරණයට බාධා කිරීමද?

ජනාධිපතිවරයාගේ නව නියෝගය හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට තවත් බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම මේ වනවිට ලහිලහියේ සූදානම් වන අතර, එහි මූලික කටයුතු සිදුකරනුයේ ණය පදනම මත බවද වාර්තා වේ.

රාජ්‍ය ආයතන ණය පදනම මත භාණ්ඩ සහ සේවා මිලදී නොගත යුතු බවත් එම නියෝගය කඩ කරන රාජ්‍ය නිලධාරීන් අදාළ වියදම්වලට පෞද්ගලිකව වගකිව යුතු බවටත් ජනාධිපතිවරයා පෙරේදා (31) අලුත් නියෝගයක් නිකුත් කර ඇත.

නව නියෝගය හේතුවෙන් මැතිවරණ කොමිසමට ණය පදනම මත ඉන්ධන ලබාදීම, මුද්‍රණ කටයුතු සිදුකිරීම, රාජ්‍ය සේවකයන්ගේ සේවය ලබාගැනීම ආදී කටයුතුවලට තවත් බාධාවක් එල්ලවී ඇතැයි ද වාර්තා වේ.

මැතිවරණ කොමිසම මෙතෙක් පැවැත්වූ සෑම මැතිවරණයකදීම භාණ්ඩ හා සේවා ලබාගත්තේ ණය පදනම මත වන අතර ඊට අදාළ මුදල් පසුව විටින් විට නිදහස් කිරීම සිදුකර තිබේ.

ජනාධිතිවරයාගේ අලුත් නියෝගය පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙනම සිදුකළ එකක්ය යන අදහස ඇතිව තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...