මැතිවරණයට ඇප මුදල් බාරගන්න එපා – රාජ්‍ය පරිපාලන ලේකම්ගෙන් හදිසි දැනුම් දීමක්

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඒ ඒ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් භාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙන නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ අත්සනින් යුතු ලිපියේ සඳහන් වන්නේ ඊයේ (09) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව මෙම නියෝගය නිකුත් කරන බවයි.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවද ලිපියක් යොමුකරමින් සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත දන්වා ඇත්තේ ඒ ඒ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන්ට අදාළව ලියාපදිංචි දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කරන්නේ නම් එම ඇප මුදල් භාරගන්නා ලෙසයි.

මෙය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 4(1) වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බවද ලිපියෙහි සදහන්.

මේ අතර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් යවන ලද මෙම ලිපිය නීති විරෝධී බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

හෙට (11) උදෑසන මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...