ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාට ඔක්.28 අධිකරණයේ පෙනී සිටින ලෙස තංගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අද දින(26) අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් වෙනුවෙන් පෙනී සිටින නුවන් බෝපගේ ඇතුළු නීතිඥයින් විසින් තංගල්ල මහේස්ත්‍රාත් වරයාගෙන් ඉල්ලීම් දෙකක් සිදු කරනු ලැබීය.

ඒ තංගල්ල රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගනිමින් කොළඹ රැගෙනයාම සහ කොළඹ දී අසනීප වීම උසාවියට වාර්තා නොකිරීම පිළිබඳවත් ඔවුන්ට එරෙහිව ඇති පරීෂණ වල ප්‍රගතිය තවමත් උසාවියට වාර්තා නොකිරීම පිළිබඳවත්ය.

එම කරුණු සැලකිල්ලට ගත් තංගල්ල මහේස්ත්‍රාත්වරයා ඔක්තෝබර් මස 28 වැනි දින ත්‍රස්ත විමර්ශන ඒකකය අධ්‍යක්ෂකවරයාට තංගල්ල උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...