ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාට ඔක්.28 අධිකරණයේ පෙනී සිටින ලෙස තංගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අද දින(26) අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් වෙනුවෙන් පෙනී සිටින නුවන් බෝපගේ ඇතුළු නීතිඥයින් විසින් තංගල්ල මහේස්ත්‍රාත් වරයාගෙන් ඉල්ලීම් දෙකක් සිදු කරනු ලැබීය.

ඒ තංගල්ල රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගනිමින් කොළඹ රැගෙනයාම සහ කොළඹ දී අසනීප වීම උසාවියට වාර්තා නොකිරීම පිළිබඳවත් ඔවුන්ට එරෙහිව ඇති පරීෂණ වල ප්‍රගතිය තවමත් උසාවියට වාර්තා නොකිරීම පිළිබඳවත්ය.

එම කරුණු සැලකිල්ලට ගත් තංගල්ල මහේස්ත්‍රාත්වරයා ඔක්තෝබර් මස 28 වැනි දින ත්‍රස්ත විමර්ශන ඒකකය අධ්‍යක්ෂකවරයාට තංගල්ල උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...