Breaking News

මිසී මම සිකුරුටි ජිනදාස…

ඒ. ඒ. බදුර්නිශා

ලිලී මලක් විලසට
එද්දි නුඹ හැඩ වැඩට
ආදරේ වහිනවා
මාව තෙතබරිත කර

ලා රෝස පෑ තොල් ආලේපන
රසද මන්දා පේන තරමට
වෙලෙන්නට නිතඹ වට
සුළඟ මේ තරම් පින්වන්තද? …

කූඩු තනා මගේ හිතේ
අතරමං කර මා සිහිනෙක
නුඹත් යන්න යාවිද
කලින් “මිසී” ගියා වගේම

සැඟව, අහිංසක සිනාවක
සරමි නුඹ යනෙන තැන්වල
දනිමි , නුඹ නොදත් වග කිසිත්
මේ සක්කිලි සිතුවිලි ගැන

 

leave a reply