එඩ්වඩ් ස්නෝඩන්ට රුසියානු පුරවැසිභාවය හිමිවෙයි

එක්සත් ජනපදයේ ඔත්තු සේවා නිරීක්ෂණ මෙහෙයුම් ගැන හෙළිකළ එක්සත් ජනපද හිටපු බුද්ධි කොන්ත්‍රාත්කරුවෙකු වන එඩ්වඩ් ස්නෝඩන්ට රුසියානු පුරවැසිභාවය ලබා දී ඇත.

අදාළ නියෝගයට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පසුගිය සඳුදා දින අත්සන් කරන ලදී. ඔහු මීට පෙර රුසියාවේ සරණාගත භාවය ලබාගෙන තිබුණි.

39 හැවිරිදි ස්නෝඩන් 2013 දී මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ට බලපාන ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) තොරතුරු හෙළිදරව් කිරීමෙන් පසු එක්සත් ජනපදයෙන් පළාගොස් සැඟවී ජීවත්විය.

මෙම තොරතුරුවලින් පැවසුනේ ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) විසින් මිලියන ගණනක ඇමරිකානුවන්ගේ දුරකථන සංවාදවලට සවන්දෙමින් ඔත්තු බැලීම් සිදුකරන ආකාරයයි.

2020 දී, මිලියන ගණනක ඇමරිකානුවන්ගේ දුරකථන සංවාදවලට ඔත්තු බැලීම සඳහා NSA විසින් ජනතාව නොදැනුවත්ව සවන්දීම එක්සත් ජනපද අභියාචනාධිකරණය විසින් නීති විරෝධී බව තීන්දු කරන ලදී.

ස්නෝඩන් ඉන් පසුව කියා සිටියේ මෙම තීන්දුවෙන් තමා නිදොස් වූ බව හැඟෙන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...