Breaking News

පොලීසියට බාධා කරා කියලා අත්අඩංගුවට ගන්නවානම් දුරකථන පරික්ෂා කරන්නේ මොකටද? – ළහිරුට එරෙහිව පොලීසියේ අමුතු නීති

වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීමේදී සහ ඉන්පසු ක්‍රියාවලියේදී අමුතු නීතියක් ක්‍රියාත්මක වෙන බව දක්නට ලැබේ.

අත්අඩංගුවට ගැනීමේදී ඔහුට පහරදෙමින් ඔහුගේ ජංගම දුරකථනය ලබා ගැනීමට පොලීසිය උත්සාහ කර තිබේ. මේ වන විට ඔහු මරදාන පොලිස් ස්ථානයේ රඳවා ගෙන සිටී.

අද දින ගෝල්පේස් භූමියේ අරගලයේ දී මියගිය වූවන් සැමරුමට සහභාගී වෙමින් සිට ආපසු පැමිණෙමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගියදා පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා අයුතු ජන රාශියක සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම හා සිද්ධීන් මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීම ගැන අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ නීතිඥවරුන්ට හැර කිසිවෙකුට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් උපදෙස් ලබාදී ඇති බවට පොලිස් නිලධාරීන් පවසන බවයි. එසේම නීතිඥවරුන් එක් අයෙක් බැගින් ඇතුළුවන ලෙසද පොලීසිය පවසා ඇත. පුබුදු ජයගොඩ පැවසුවේ නීති හදන්නා බවට දේශබන්දු තෙන්නකෝන් පත්ව ඇති බවයි.

පොලීසිය 30වනදා පැවති විරෝධතාවය පදනම් කරගෙන පොලීසිය ඉදිරිපත් කළ කිසිම වාර්තාවක ළහිරු වීරසේකරගේ නමක් අතුළත් නොවීය. ටිරාන් අලස් ඇමතිවරයා තමන්ගේ දේශපාලන අතකොළුවක් ලෙස පොලීසිය බාවිතා කරමින් සිටින බවද පුබුදු ජයගොඩ පැවසීය.

එසේම ළහිරු විරසේකරට තිබෙන්නේ පොලීසියට බාධා කිරීම පිළිබඳ චෝදනාවක් නම් දුරකථන ලබාදෙන ලෙස ඉල්ලමින් පහරදෙන්නේ කුමකටද යන්න ගැටළුවක් ලෙස පවතියි.

 

 

leave a reply