පොලීසියට බාධා කරා කියලා අත්අඩංගුවට ගන්නවානම් දුරකථන පරික්ෂා කරන්නේ මොකටද? – ළහිරුට එරෙහිව පොලීසියේ අමුතු නීති

වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීමේදී සහ ඉන්පසු ක්‍රියාවලියේදී අමුතු නීතියක් ක්‍රියාත්මක වෙන බව දක්නට ලැබේ.

අත්අඩංගුවට ගැනීමේදී ඔහුට පහරදෙමින් ඔහුගේ ජංගම දුරකථනය ලබා ගැනීමට පොලීසිය උත්සාහ කර තිබේ. මේ වන විට ඔහු මරදාන පොලිස් ස්ථානයේ රඳවා ගෙන සිටී.

අද දින ගෝල්පේස් භූමියේ අරගලයේ දී මියගිය වූවන් සැමරුමට සහභාගී වෙමින් සිට ආපසු පැමිණෙමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගියදා පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා අයුතු ජන රාශියක සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම හා සිද්ධීන් මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීම ගැන අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ නීතිඥවරුන්ට හැර කිසිවෙකුට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් උපදෙස් ලබාදී ඇති බවට පොලිස් නිලධාරීන් පවසන බවයි. එසේම නීතිඥවරුන් එක් අයෙක් බැගින් ඇතුළුවන ලෙසද පොලීසිය පවසා ඇත. පුබුදු ජයගොඩ පැවසුවේ නීති හදන්නා බවට දේශබන්දු තෙන්නකෝන් පත්ව ඇති බවයි.

පොලීසිය 30වනදා පැවති විරෝධතාවය පදනම් කරගෙන පොලීසිය ඉදිරිපත් කළ කිසිම වාර්තාවක ළහිරු වීරසේකරගේ නමක් අතුළත් නොවීය. ටිරාන් අලස් ඇමතිවරයා තමන්ගේ දේශපාලන අතකොළුවක් ලෙස පොලීසිය බාවිතා කරමින් සිටින බවද පුබුදු ජයගොඩ පැවසීය.

එසේම ළහිරු විරසේකරට තිබෙන්නේ පොලීසියට බාධා කිරීම පිළිබඳ චෝදනාවක් නම් දුරකථන ලබාදෙන ලෙස ඉල්ලමින් පහරදෙන්නේ කුමකටද යන්න ගැටළුවක් ලෙස පවතියි.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...