ළහිරුට ඇප ලබාදෙයි

මරදාන පොලීසිය අත්අඩංගුවට ගත් “වෙනසක තාරුණ්‍ය” සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකරට අද (10) පෙරවරුවේ ඇප ලබාදී තිබුණි.

ඔහුට අත්අඩංගුවට ගැනීමේදී සහ ඉන් පසුව පොලීසිය විසින් පහරදී තිබීම නිසා අද උදෑසන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

ජන අරගලයට සහභාගි වූවන් ඊයේ (09) පස්වරුවේ ගාලු මුවදොරට රැස්වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මියගිය හා සිරගතවුවන් සිහිකරමින් ඉටිපන්දම් දැල්වීමක් සිදුකළා.

එම සැමරුම අවසන් වී යළි එමින් සිටියදී ළහිරු වීරසේකරව මරදාන පොලිස් නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගනු ලැබූවා.

ඒ අගෝස්තු 30 වනදා මරදානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මතයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...