පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙනම නීතියක්ලු

පාර්ලිමේන්තුව තුළ සිදුවන දේපල විනාශ කිරීම් හෝ වෙනත් කටයුතු සම්බන්ධයෙන් රටේ පවතින සාමාන්‍ය නීති යටතේ කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් බව කී ඇමතිවරයා එම ක්‍රියාවන් ගැන අධිකරණයකදීවත් ප්‍රශ්න කළ නොහැකි බව සඳහන් කර ඇත.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ පොදු දේපල විනාශ කළ බව කියමින් අරගලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නා සේ පසුගිය රජය සමයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීම්වලදී එහි දේපලවලට හානි කළ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් පියවර නොගත්තේ ඇයිදැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

කෙසේවෙතත් ජනතාව ප්‍රකාශ කරමින් සිටින්නේ දැනට සිදුවෙන මර්දනය දෙස බැලීමේදී දේශපාලනඥයන්ට වෙනම නීතියකුත් සාමාන්‍ය ජනතාවට වෙනම නීතියකුත් ක්‍රියාත්මක වෙන බව පෙනෙන්නට තිබෙන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...