Breaking News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙනම නීතියක්ලු

පාර්ලිමේන්තුව තුළ සිදුවන දේපල විනාශ කිරීම් හෝ වෙනත් කටයුතු සම්බන්ධයෙන් රටේ පවතින සාමාන්‍ය නීති යටතේ කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් බව කී ඇමතිවරයා එම ක්‍රියාවන් ගැන අධිකරණයකදීවත් ප්‍රශ්න කළ නොහැකි බව සඳහන් කර ඇත.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ පොදු දේපල විනාශ කළ බව කියමින් අරගලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නා සේ පසුගිය රජය සමයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීම්වලදී එහි දේපලවලට හානි කළ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් පියවර නොගත්තේ ඇයිදැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

කෙසේවෙතත් ජනතාව ප්‍රකාශ කරමින් සිටින්නේ දැනට සිදුවෙන මර්දනය දෙස බැලීමේදී දේශපාලනඥයන්ට වෙනම නීතියකුත් සාමාන්‍ය ජනතාවට වෙනම නීතියකුත් ක්‍රියාත්මක වෙන බව පෙනෙන්නට තිබෙන බවයි.

leave a reply