පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනයට ගිය 10ක් අතුරුදහන්

එංගලන්තයේදී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් ඇතුළු දස දෙනකු මේ වන විට අතුරුදහන් අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.

ජූඩෝ, බොක්සිං, වෙරළ වොලිබෝල් සහ මල්ලවපොර යන කණ්ඩායම් නියෝජනය කරන පිරිසක් තමන්ගේ ක්‍රීඩා තරඟ අවසන් කිරීමෙන් අනතුරුව මෙසේ අතුරුදන්ව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිලධාරීන් ඇතුළු 160 දෙනෙකු සහභාගී වී තිබුණි.

ලංකාව තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ තරුණ පිරිස් රට හැරදමා යාමට සැරසී සිටින අවස්ථාවක මෙම ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන පුදුම විය යුතු නැත. අනිත් අතින් ජයග්‍රහණ ලැබූ ක්‍රීඩකයන් පවසන කරුණුවලින් පෙනී යන්නේ ඔවුන්ට රට නියෝජනය කිරීම වෙනුවෙන් අනෙක දුෂ්කර කොන්දේසි යටතේ පුහුණුවීම් කිරීමට සිදුව තිබූ බවයි. ජයග්‍රහණයකදී ඔවුන්ට සුබ පතන පාලකයන් ඔවුන්ට අවශ්‍ය කිසිදු පහසුකමක් ලබාදීමට කැපවී නොමැති බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...