සර්ව පාක්ෂික බයිලා වැඩක් නැහැ, අන්තර්කාලීන පාලනයක් අවශ්‍යයි – ළහිරු වීරසේකර

අරගලය අවසන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් තම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීමෙන් පසුව බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර පවසයි. ඔහු මේ බව පැවසුවේ අද උදෑසන කොටුව ජනාධිපති මන්දිරයේ සිට ජනතාව අමතමිනි.

එසේම ඔහු පැවසුවේ පාර්ලිමේන්තුව තුල සිටින පක්ෂ මේ වනවිට සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කුමන්ත්‍රණය කරමින් සිටින බවයි. ජනාධිපතිවරයා පක්ෂ නායක රැස්වීමට කතා කර ඉල්ලා අස්වීම දැනුම් දුන්නේ ජන අරගලයේ ප්‍රථිපලයක් ලෙස බවද ළහිරු වීරසේකර පවසයි. සර්ව පාක්ෂික ආණ්ඩු යනු මේ ඉන්න දේශපාලකයන්ම නැවත එකකොට කුට්ටම අනලා හදන ආණ්ඩුවක් බවත් ඔවුන්ට ඕන ඕන ලෙස ආණ්ඩු හැදීමට ඉඩ දිය යුතු නැති බවත් ළහිරු වීරසේකර පවසයි. ඔහු පැවසුවේ සර්ව පාක්ෂික බයිලා නොව අරගලකරුවන් ලෙස යෝජනා කර ඇති පරිදි ජනතාව පාලනයට සම්බන්ධ විය හැකි ව්‍යුහයක් අවශ්‍ය බවයි. දැන් අන්තර්කාලින පාලනයක් හදා ජනතාවට පාලනයට සම්බන්ධ විය යුතු ව්‍යුහයක් නිර්මාණය කරගත යුතු බව ද මෙහිදී ළහිරු වීරසේකර පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...