සර්ව පාක්ෂික බයිලා වැඩක් නැහැ, අන්තර්කාලීන පාලනයක් අවශ්‍යයි – ළහිරු වීරසේකර

Date:

අරගලය අවසන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් තම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීමෙන් පසුව බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර පවසයි. ඔහු මේ බව පැවසුවේ අද උදෑසන කොටුව ජනාධිපති මන්දිරයේ සිට ජනතාව අමතමිනි.

එසේම ඔහු පැවසුවේ පාර්ලිමේන්තුව තුල සිටින පක්ෂ මේ වනවිට සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කුමන්ත්‍රණය කරමින් සිටින බවයි. ජනාධිපතිවරයා පක්ෂ නායක රැස්වීමට කතා කර ඉල්ලා අස්වීම දැනුම් දුන්නේ ජන අරගලයේ ප්‍රථිපලයක් ලෙස බවද ළහිරු වීරසේකර පවසයි. සර්ව පාක්ෂික ආණ්ඩු යනු මේ ඉන්න දේශපාලකයන්ම නැවත එකකොට කුට්ටම අනලා හදන ආණ්ඩුවක් බවත් ඔවුන්ට ඕන ඕන ලෙස ආණ්ඩු හැදීමට ඉඩ දිය යුතු නැති බවත් ළහිරු වීරසේකර පවසයි. ඔහු පැවසුවේ සර්ව පාක්ෂික බයිලා නොව අරගලකරුවන් ලෙස යෝජනා කර ඇති පරිදි ජනතාව පාලනයට සම්බන්ධ විය හැකි ව්‍යුහයක් අවශ්‍ය බවයි. දැන් අන්තර්කාලින පාලනයක් හදා ජනතාවට පාලනයට සම්බන්ධ විය යුතු ව්‍යුහයක් නිර්මාණය කරගත යුතු බව ද මෙහිදී ළහිරු වීරසේකර පැවසීය.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...